මගේ මතකයත් දැන් ටික ටික අඩු වෙනවා, වයස 94 වන ප්‍රවීන රංගන ශිල්පිනි අයිරාංගනී සේරසිංහ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ රටේ කළා ක්ෂේත්‍රය තුල සිටින වටිනාම සම්පත් අතරින් කෙනෙක් තමයි අයිරාංගනී සේරසිංහ කියලා කියන්නේ. ලංකාවේ තුල පමණක් නොවේ ජන්ත්යන්තර පුවත්පත් වල පවා කතාබහට ලක්වූ ගෞරවනීය කළා කාරිනියක්. මේ වනවිට ජිවිතයේ නිදහස් සැදෑ සාමය ගතකරමින් සිටින එතුමිය උපත ලබන්නේ 1927 වර්ෂයේ ජුනි විසි එක් වනදායි. රුවන්වැල්ල මුහුදු ගමුව කියන ප්‍රදේශය තමයි ඉපදුනු හැදී වැදුණු ගම වෙන්නේ. පාසල් කාලයේදී කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට ඇතුලත් වෙනවා. ඒ වගේම විශ්ව විද්‍යාල වරම් බලන අයිරාංගනී මහත්මිය ඉන් පසුව උඩරට නර්තනයද හොඳින් හදාරනවා.

කළා කරිනියක් වශයෙන් මිනිසුන්ගේ හිත දිනාගත්තා වගේම ජිවත් වෙන පරිසරයේ සතා සිවුපාවට පවා ආදරය සෙනෙහස දැක්වූ ආදරණිය චරිතයක් ලෙසින් ඇය හඳුන්වන්න පුලුවන්. පරිසරට පන මෙන් ආදරේ කරන එතුමිය රුක් රැක ගන්නො සංවිධානය හා එක්ව එහි සාමාජිකාවක් වශයෙන් වසර ගණනාවක්ම තම සේවය ඉටු කරනවා. මේ වගේ රටක ඉපදෙන්න තරම් වසනවතයි කියලයි ඇය කියන්නේ. මිට කලකට පෙර මාධ්‍ය සාකච්චාවකට එකතු වෙමින් අයිරාංගනී මහත්මිය මෙලෙස පවසා තිබුනා.

අපේ රටේ ඉපදෙන්න මම ගොඩක් පින් කරලා ඇති කියලා වෙලාවකට හිතෙනවා. මොකද ගමේ හිටියත් නගරේ හිටියත් මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙන්නේ නැහැ. ගමේ ඉන්නවා නම් අල බතල කොස් පොල් ඕනෑ තරම් හොයාගන්න පුලුවන්. වතුරටික තියනවා. නමුත් කණගාටුවට කරුණ වෙන්නේ අපේ රටේ බොහෝ මිනිසුන්ට ඒ දේවල් අගයක් නැති එක. අපේ රට වාසනාවන්ත රටක් වුනත් මේ රටේ ඉපදෙන්න තරම් වටින්නේ නැති මිනිස්සු කොට්ටශයකුත් සිටින නිසා එහෙම දේවල් දකිනකොට හිතෙනවා එහෙම මිනිස්සු මේ රටේ ඉපදෙන්න වටින්නේ නැහැ කියලා.

දශක ගණනාවක් කළා ක්ෂේත්‍රය තුල රැඳී සිටි එතුමිය දැන් නිදහසේ කාලය ගතකරමින් සිටිනවා. නමුත් ඇය රංගනයෙන් එකතු වුනු නිර්මාණ අදටත් නිතර දකින්න ලැබෙන එකත් වාසනාවක්. මම යන තැනකට පිනක් දහමක් කරගෙන යන්න ලැබෙනවා නම් මට ඒ ඇති කියලා එතුමිය කියලා තිබුනා. අපිත් එතුමියට තවත් බොහෝ කාලයක් දිර්ගයුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරමු.