මැණිකේ නිසා ජාත්‍යන්තරයටත් ගිය යොහානිගේ අලුත්ම ඉන්ටවීව් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"මැණිකේ මගේ හිතේ" ගීතයෙන් යූටියුබ් හෙල්ලූ, ඒ පුංචි කෙල්ල, "යොහානි"ව නොදන්න කෙනෙක් නැහැ. ඉතින් ඇගේ ගීතය මේ වන විටත් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා තිබෙනවා.

මේ ගීතය වඩාත් කතාබහට ලක්වෙන්නේ බොලිවුඩයේ දැවැන්තයෙක් වන, අමිතාබ් බච්චනුත් මේ ගීතය ඔහුගේ මුහුණු පොතේ පළ කර තිබුණු නිසයි.

අනතුරුව "ටයිගර්" වගේ කවුරුත් ආදරේ කරන සුපිරි තරුත් මේ ගීතයට අපූරූ නර්තන ඉදිරිපත් කරලා තිබුණා. රිතික් රෝෂන් පවා ටයිගර්ගේ ඒ නැටුමට "සුපර්බ්" කිව්වා ඔබ දන්නවත් ඇති.

මේ විදිහට ජාත්‍යන්තරයටත් ගිය "මැණිකේ" ගීතය, අනතුරුව මලයාලම්, දමිළ ඇතුළු භාෂා ගණනාවකින් ද ගැයුණා. (ඩබ් කළා.)

ඔන්න පසුගිය දවසක යොහානි, ඉන්දියාවේ ජනප්‍රිය නාලිකාවක් වන NDTV නාලිකාවේ වැඩසටහනකට සූම් මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී තිබුණා.

ඇය එහිදී කියා තිබුණේ මෙවැන්නක්...

"අපි ගොඩක් බොලිවුඩ් සංගීතය අහනවා, විඳිනවා. මම ඒ.ආර්. රහුමාන්, දේවින්, යෝ යෝ හනි සින්ග්, නෙහා කක්කාර්ගේ රසිකාවියක්. මේ ගීතය නිසා මට ගොඩක් භාෂාවන් ඉගෙන ගන්නත් පුළුවන් වුණා. මිලියන විස්සක නැරඹුම් වාර සංඛ්‍යාවක් ලැබුණට පස්සේ අමිතාබ් බච්චාන් ඇතුළු බොහෝ කලාකරුවන් මේක ශෙයා කරලා තිබුණා. ඉතින් අපිට කණ්ඩායමක් විදිහට සතුටු වෙන්න පුළුවන්..."