මධුමාදව අරවින්ද හදිසියේම රෝහල්ගත කළේ ඇයි ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුහුද හඬන වෙලාවේ", "ලබ සවන් රන්පතින්" වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ මධුමාදව අරවින්ද කියන්නේ දේශපාලනය නිසාත් දැඩි කතාබහට , අවධානයට ලක්වුණු කෙනෙක්. මුහුණු පොතෙත් බොහෝම ජනප්‍රිය මධුමාදව පසුගිය දිනෙක හදිසියේ ම රෝහල්ගත කරලා. ඒ වග සඳහන් කරමින් මධුමාදවගේ බිරිඳත් මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.

දැන් සුව තත්ත්වයෙන් පසුවන බව කියමින්, මධුමාදව ලියූ සටහන තමයි පහළින් තියෙන්නෙ.

ඊයෙත් මා හිනැස්සූ.. මම අදහන මිනිස්සු..
සුව කල මිනිස්සු
වෙද හෙද කම් කල මිනිස්සු
සුව වෙන්න පැතූ මිනිස්සු
මහන්සිඋනෙ මිනිස්සු
හැමදාම විහිලු කරන නිසා සැකයක් එන්න ඇති.
මම ආසයි ඒකට....
පපුව පොඩ්ඩක් මතක් කරා
හදවතක් කියල දෙයක් තියෙනව කියල ..
ගෙදරින් යන තැන ඉදල ගෙදර එනකම් මා එක්කම හුස්ම ගත්ත ආදරනීය බිරිද ,
ඒ බය වෙච්ච ඇස් ඇගේ..
(ආන්න ඒ බය තියා ගන්න හරිය.)
මේ ජරමර අස්සෙ මගෙ ප්‍රොෆයිල් එක අඩුවෙන් පෙන්නනවා කියල මට පනිවිඩ එවන පේස් බුක් එකේ උන්ඩැලටත්
විස්කූතුයි..
ක්‍රිශාන්ත මල්ලි
ආලෝකා නංගී
සමන් ක්‍රිශාන්ත මගෙ මිතුරා
පන්ඩුවා
චතූ මලයා
මා සමගම හිටිය මගෙ අයියා
ලීසන්ස් රෝහලේ ආදරනීය සියල්ලටම ස්තුතියි .
නවලෝක රෝහලේ
ඇම්බුලන්ස් එකේ පිරිස
I.c.u වාට්ටුවේ, ශාල්‍යකර්ම වාට්ටුවේ හෙද හෙදියන්ට ස්තුතියි ..
රස තේහදල දුන්න , ඉන්න තැන පිරිසුදු කල ආදරනීයන්ට ස්තුතියි ..
ආදරනීය සේවක මහත්තුරු, නෝනල
දුන්න ආදරයට ස්තුතියි
නවලෝකෙ තැන තැන මන් නිසා පහන් කල
මගේ අයියා, සංජු නන්ගි, ටිශාන් මල්ලි පැටිසන්,සීනි බනිස,,,, නුබලට හොද වැඩේ...
(මම හොදට ඇතුලේ , මේ ගොල්ලො එලියේ)
පෙට්‍රල් නැති වෙලේ මුලු දවසම මම එනකම් ගෙදර ඇරලන්න
පෙට්‍රල් පුරවගෙන බලාගෙන හිටිය සන්ජු නංගිගේ ටිශාන් ගේ වාහනයටත්, මාව ලීසන්ස් ගෙනිච්ච ක්‍රිශාන්තගෙ , ආලෝකගෙ වාහනයටත් ඉස්තූතියි . මම සාමන්‍යයෙන් එහෙම වාහන වල යන්න සල්ලි ගන්නව...
උබලගෙන් එපා...
ආරංචි උනාම කතා කල හොයා බැලූ සුව පැතූ
ආරංචි නොවුන නිසා හොයා බලන්න බැරිවූ
පනිවිඩ sms, mesenger, whatsapp කල
සීනි බනිස්ට කතා කල , මගෙ දුරකතනයට කතා කල සැමට ස්තුතියි ....
ඕකගෙ විහිලුවක් කියල හිතුව ආදරනීයන්ටත්
ස්තුතියි ..
ඇමතුම් නොගත්තට අමනාප වෙන්න එපා..
ලීසන්ස් රෝහලේදිත්
නවලෝක රෝහලේ ශල්‍යකර්ම වාට්ටුවෙත්
මගෙ පපුව බාර ගත්ත dr, වසන්ත කපුවත්ත ඔබතුමාට ස්තුතියි .
ගෙදර ආවම උඩ පැන පැන මාව පිලිගත්ත ස්නුපිස්සර රාලහාමිටත් ස්තුතියි ...
දවසක එන්න බැරි වෙයි
මෙහෙම ගිහින්....
එතකන් සතුටෙන්
සැහැල්ලුවෙන්
හැම දේම විහිලුවකට අරන් ජීවත්වෙමු...
අම්ම කතා කරල කිව්වා..
අනේ අපි මැරෙනකම් පුතා යන්න එපා කියලා.
අම්ම තාත්තට ස්තුතියි ...
කොහොමත් කවද හරි මම මැරුනම , කාටවත් මගෙ මිනිය බලන්න හම්බෙන් නෑ....
(අවසාන කැමැත්තට අනුව))
ඒ නිසා මෙහෙම ඇඩ් දෙක තුනක් දාන්න ඕනෙ යන්න කලින්...
එහෙනම් ආයෙත් පටන් ගමු....
මේ ජීවිතෙත් එක්ක කරන කෝලම...
ආදරෙයි හැමෝටම.....
මදු මාදව අරවින්ද