මම මුරණ්ඩු චරිතයක්. නතාශාත් ඒක කියනවා හැමවෙලේම - ප්‍රිහාන් හැංඟි හොරා නැතුව කතා කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"යායට පායනා පෝදා සඳ" ගීතයෙන් රසිකයින් වෙතට සමීප වුණු ඔහු (ප්‍රිහාන්) ඉන් අනතුරුව තරුණයන්ගේ සිත් සොරාගත්ත සුරූපිනියන් තමන් සන්තක වස්තුවක් බවට පත් කරගත්තා. ඒ නතාශා පෙරේරාව. එහෙම වුණත් මේ දෙන්නාගේ විවාහය ගැන ගෙවුණු කාලය තුළ විවිධ කතාන්දර පැතිරුණා. හැබැයි ඒ හැම කතාවක් ම බොරු බවයි නතාශා පසුව අනාවරණය කළේ. පසුගිය දිනෙක ප්‍රිහානුත් ඔහුගේ අලුත්ම ගීතයක් එළිදැක්වූවා. ඒ වගේම යූටියුබ් නාලිකාවක් සමඟ එක්වෙමින් ප්‍රිහාන් හැමෝම අහන ප්‍රශ්නවලට උත්තරත් මේ විදිහට දීලා තිබුණා.

ප්‍රිහාන් තනිවෙලාලූ..? දික්කසාද වෙලාලූ..? මොනාද මේ කට්ටිය කියන කතා..? අවුරුදු ගාණකට කලින් අමාරුවෙන් ගෑනූ ළමෙක් යාලු කරගෙන දැන් මේ කට්ටිය කියනවා ඔයාලා වෙන් වෙලාලූ?

"මම ද කිව්වෙ එහෙම. ඇත්තටම නාතාශා මැරි කරපු දවසේ ඉඳන්ම ඔය කතාව යනව. එක්තරා යූයුබ් නාලිකාවක තම්බ්නේල් කැප්ශන් බලලා කට්ටිය මට කතාත් කළා. ගොසිප් එකක් හැටියට ගියෙ. ඒ වගේ දේවල් වෙනවා. මම 'යායට පායනා' එකෙන් පස්සෙ නිර්මාණ කළේ නෑ. ව්‍යාපාර වලට බැස්සා. සෝශල් මීඩීයාවත් මම ඇක්ටිව් නෑ. නාතාශා ජනප්‍රිය නිසයි ඔය වගේ දේවල් ගියේ."

දිගටම ලංකාවේ ඉන්නවද ? ආයෙ යනවද ?

"තව ටික කාලයක් ලංකාවෙ ඉන්නවා. මම පොඩ්ඩක් අන්තිම මාස අට රිලැක්ස් හිටියා. ඇඟ බර නැතුව තියාගන්න උත්සහා කරනවා. මම බ්‍රැන්ඩ් එකක් වෙන්න ට්‍රයි කළේ නෑ. මම, මම කැමති දේ කරන මුරණ්ඩු චරිතයක්. නාතාශාත් ඒක කියනවා හැමවෙලේම.. මියුසික් කළා, අතෑරියා, වෙන දේකට ගියා. ඒකයි මේ වෙලාවෙ කතා කළේ..."

නතාශා ඉන්ජක්ශන් ගහලා සුදු වුණා කියන කතාව ඇත්තද ?

"නතාශා ඉන්ජක්ශන් නම් ගහලා නෑ. එතනින් එහා අහන්න එපා. මොකද මම ගෙදර යන්න ඕන. එයා අඳින පළඳින ඒවට මම උපරිම නිදහස දීලා තියෙන්නෙ.."

ආදරේ ණායකාරයෝ අපිව දාලා යනවද.?

"අනිවාර්‍යෙන්ම දාලා යන්න පුලුවන්. ඒ බැඳීම ඉවරයි නම්, ඉන් පස්සෙ දාලා යන්න හිතෙනව නම් එහෙම වෙයි.."