යුරේනි නොෂිකා කැමති ඕනෑම කෑමක් හදලා දෙනවා, විවාහය ගැන නම් දැන්මම හිතන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොහෝ දෙනෙකුට ප්‍රසිද්ධ වෙන්න හොඳම මාධ්‍ය තමයි සමාජ මාධ්‍ය කියන්නේ. නමුත් ඒ ප්‍රසිද්ධිය තුල හොඳ වගේම නරක තියෙන්නෙත් පුළුවන්. බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වුවත් ඒ ප්‍රසිද්ධිය මත ජනතාවගේ ආකර්ෂණය හෝ කැමැත්ත හැම කෙනෙකුටම ඇති කර ගන්න බැහැ. මේ කතා කරන්න යන්නේ බොහෝ දෙනෙක් කතා කරන ඔහු ගැන හොයලා බලන කෙනෙක් ගැන කතා කරන්නයි. ඔහු නමින් චරිත් නිපුන සිල්වා. ඒ නම කිව්වට කවුරුත් හඳුනන්නේ නැති වුනාට ඔහුගේ රූපය හා ටික් ටොක් එකේ වැඩ දාන චෙෆ් කියලා කිව්වම නම් බොහෝ දෙනෙක් හඳුනා ගන්නවා. මේ ඔහු සමඟ කළ කතාබහයි.

චරිත් නිපුන් කිව්වම නොදන්නවා වුනාට ටික් ටොක් එකේ වැඩ දාන චෙෆ් කියලා නොදන්නා කෙනෙක් නැහැනේ. ඒ නිසා බොහෝ දෙනෙක් ඔබ කවුද කියලා දැනගන්න කැමති ඇති. ඒ නිසා ඔබ ගැන මුලින්ම කතා කරලා ඉමු..?

මගේ ගම බලපිටිය, වයස තවම අවුරුදු 25යි. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. චන්ද්‍රසිංහ සිල්වා. අම්මා ගෘහණියක්. නීතා නාලනී පෙරේරා. මට අක්කා, අයියා, නංගී කෙනෙක් ඉන්නවා. ඒ තමයි මගේ පවුලේ විස්තර.
 
මේ දවස්වල ප්‍රසිද්ධයි නේද..?

ටිකක් විතර ප්‍රසිද්ධයි. මාව දැක්කම අදුරගන්න අය ඉන්නවා. මගේ කෑම වලටත් බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වනවා. මට ගොඩාක් ප්‍රතිචාර ලැබෙන්නේ විදේශිකයින්ගෙන්. එක එක රටවල අය ප්‍රතිචාර දක්වනවා. මගේ කෑමවලට එක එක ප්‍රතිචාර දක්වනවා ඒ අය . ඒ ගැන සතුටුයි.
 
වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ ගැහැණු ළමයින්ගෙන් වෙන්න ඇති නේද..?

එහෙම එකක් නම් නැහැ. පිරිමි ලමයිනුත් ප්‍රතිචාර දක්වනවා.
 
ඔය ප්‍රතිචාර එක්ක ආදරයට එහෙම ආරාධනා ලැබිලා නැද්ද..?

තවම නම් එහෙම ආරාධනාවක් ලැබිලා නැහැ.
 
එහෙම ආරාධනාවක් ලැබුනොත්..?

එදාට බලමු. මම මොන වගේ තීරණයක් ගනියිද කියලා දන්නේ නැහැනේ. මට යෝජනා ගේන ගැහැණු ළමයි මට ගැලපෙන්නත් ඕනනේ.
 
ඔය ප්‍රසිද්ධිය එක්ක ජනප්‍රිය චරිතයක් විවාහයට යෝජනාවක් කලොත් මොකද කරන්නේ..?

මම තවම විවාහය ගැන හිතලා නැහැ. එහෙම යෝජනාවක් ආවොත් එයාව මට ගැලපෙනවද කියලා බලනවා. ගැලපෙනවා නම් ඒ යෝජනාවට කැමති වෙනවා. කාගෙන් යෝජනාවක් ආවත් මට ගැලපෙන්න ඕන.
 
යුරේනි නොෂිකාට උයන්න පිහන්න බැරි නිසා චරිත්ට යෝජනා කරයිද දන්නේ නැහැ එයත් එක්ක විවාහ වෙන්න කියලා, ඒ වගේ යෝජනාවක් ආවොත්..?

එයා මට වඩා වැඩිමහල් කෙනෙක්නෙ. එයාව දකිද්දී මට එහෙම ආදරයක් හිතෙන්නේ නැහැ. කොහෙත්ම එහෙම දෙයක් වෙන්නේ නැහැ.
 
එයාට ඔයාගේ කෑමවල රස බලන්න ඕන කිව්වනේ, මොනවගේ කෑමකටද යුරේනිට ආරාධනා කරන්න ඉන්නේ..?

එයා කැමති ඕනෑම කෑමක් මම හදලා දෙනවා. මට රසට ඕනෑම කෑමක් හදන්න පුළුවන්. විශේෂයෙන්ම කේක් වර්ග මට රසට හදන්න පුළුවන්. එයා කන්න කැමතියි කියන කෑම ටික හදලා දෙනවා.
 
අනාගත බිරිඳට කරදර වෙන්න දෙයක් නැහැ නේද..?

අනාගත බිරිඳට කෑම හදන්න උදව් කරනවා. එයා වෙනුවට මමම උයන්න නම් හිතන්නේ නැහැ.
 
චරිත් තව කෙනෙක්ගේ කොපියක් කිව්වොත්, කෙලින්ම කිව්වොත් Salt Bae කියන්නේ තුර්කියේ ඉන්න අවුරුදු 38ක චෙෆ් කෙනෙක්. ඔහුට මිලියන ගණනක අනුගාමිකයින් ඉන්නවා. ඔබ ඔහු වගේ වෙන්න දගලනවා කිව්වොත්..?

කොහෙත්ම නැහැ. මම එයා ලුණු දාන විදිහට එක වීඩියෝ එකක ලුණු දැම්මා. එච්චරයි. එතනින් එහාට මම මගේ ස්ටයිල් එකකට තමයි මම මගේ වැඩේ කරගෙන යන්නේ. බීරෝල් කියන කන්සෙප්ට් එකට මම කරන්නේ. මම කාගේවත් කොපියක් නෙමෙයි. මට ආවේනික වුනු හැඩයක් මට තියෙනවා.
 
ඔබ උයන්න පිහන්න පටන් ගන්නේ කොයි කාලේද ..?

මම චෙෆ් කෙනෙක් විදිහට වැඩ කරන්නේ අවුරුදු පහ හයක ඉදලා. විදෙස් රටවලත් හිටියා. ආයේ නම් වෙන රටකට සේවය කරන්න යන්න අදහසක් නැහැ. මම ටික් ටොක් කරන්න පටන් අරගෙන අවුරුද්දක් විතර වෙනවා.
 
තියෙන ප්‍රසිද්ධියත් එක්ක රඟපාන්න අවස්ථාවක් ආවොත් මොකද කරන්නේ කියලම අපි මේ කතාබහ අවසන් කරමු..?

මට රඟපාන්න ආරාධනා නම් ඇවිත් නැහැ. ආවොත් මම භාර ගන්නේ නැහැ. මොකද මට රඟපාන්න බැරි නිසා.
 
හර්ෂනී වීරරත්න