යශෝදරාගේ ප්‍රේමය ගැන ගයන කෝකිලා
කෝකිලා විතානගේ නම් වු ඇය, ප්‍රවීන සංගිතවේදි ටී එම් ජයරත්නයන් සමග එක්ව වෙසක් පුන් පොහෝ දින සිය කුළුදුල් ගීතය දොරට වඩවමින් සංගීත ක්ෂ්‍රෙතයට ප්‍රවිශ්ඨව සිටින්නීය.
වෛරය ද්වේශය කොතැනකවත් නොමැති, ආත්මාර්තකාමි නොවන්, ශක්තිමත් සහ අතිශය ආදරණිය ප්‍රේමයක් මේ විශ්වය තුල ඇත්නම් ඒ සිද්ධාර්ථ යශෝදරා ප්‍රේමයම බව විශ්වාස කරන ඇය එවන් වු ප්‍රේමයක් ගැන ලියැවුනු පදවැලක් මුමුණමින් මෙසේ සිය සංගිත ගමන් මගේ පළමු පියවර තබා සිටින්නීය.
මම කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. නර්තනය විශයක් විදියට හැදැරුවත් පාසැලේ බොහෝ සංගිත ප්‍රසංගවල ගී ගයන්නට මට අවස්‍ථාව ලැබුන. ඒ අවස්‍ථාවන් ලැබුනේ අපේ පාසැලේ ආදරණිය ගුරුමවක් වු මාලනි බුලත්සිංහල මහත්මිය නිසයි. එතුමිය බොහෝ සෙනෙහසින් එම වැඩ සටහන්වලට මාව සම්බන්ධ කර ගැනීම නිසා සංගිතයේ අයන්න කිව්වේ එතුමියගෙන් කියා මම විශ්වාස කරනවා. ඇය පවසන්නීය.
ඇත්තටම ගීතය කියන්නේ ජිවිතයක් ජිවත් කරවන දෙයක්. පුංචිම සන්දියෙ ඉදන් සිංදු කිව්වට විෂයක් විදියට හැදෑරිමක් කර තිබුනේ නැහැ. දුක හිතුනමත් , සතුටක් දැනුනමත්, පාලුවක් දැනෙද්දිත්‍්, මේ හැම තැනකදිම රහසින් ගීයක් මුමුණන්න, මිතුරු සාදවලදි ගීත ගයන්න මම පුරුදු වෙලා හිටියා.යහලු යෙහෙලියන්ගේ ඉල්ලිම්වලට ගීත ගැයුවත් මේ අවස්තාව මට ලැබුනේ හරිම අහම්බෙන්. ඇය මහත් වු සෙනෙහසින් පවසන්නී ය.
සියල්ලට පලමුව ඇයගේ කුළුදුල් ගීතය ප්‍රවීන සංගිතවේදියෙකු වු ටීඑම් ජයරත්නයන් සමග ගයන්නට ලැබුනු අවස්තාව ගැන ඇයගෙන් විමසා සිටියෙමු.
ඒක ඇත්තටම හීනයක් . මේ ගීතය මට එතුමා එක්ක ගයන්න ලැබිමම හීනයක්. මේ ගීතය ගයද්දි එතුමා මට දුන් සහය , ලබාදුන් ශිල්ප ඥානය වචනවලින් කියන්න බැරි තරම්. විටෙක එය මට හිතා ගන්න නෙමෙයි දරාගන්න බැරි තරම් වුනා. ඒතරම් ඔහු නිහතමානියි. එතුමා සමග ගියක් ගයන්න ලැබීමට මම පුන්‍යවන්තියක් වුණා. ඒ වගේම මෙම ගිතයේ තනු රචනය ක්‍ල , සංගිතවේදි නවරත්න ගමගේ මහතා ලබා දුන් සහය අති විශාලයි.
මේ ගීතය ගයන්න මට මං හසර සලසා දුන්න, ගුරු තරුවක් වගේ නිර්මාණ ලෝකයට එළිය දුන්න පත්තර මිතුරියක් මට ඉන්නවා. ඇයගේ නම සදහන් කරනවාට ඇය කැමැති නැහැ. එය මට ඇත්තටම දුකක්. ඇය තමයි මේ සියල්ල පසුපස මහත් වු සෙනෙහසින් සිටි යෝද සෙවැනැල්ල.ඒ වගේම ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්‍ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරියක් වු ඉනෝකා බොතේජුටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වන්න ඕනේ.මේ ගිතය නිර්මාණය කිරිම වෙනුවෙන් ඇය ගත් වෙහෙස වචනවලින් කියන්න බැහැ. කෝකිලා නම් වු ඇය කෘතඥතාවය ඉතිරෙන සිනහවෙන් පවසන්නී ය.
මෙම ගීතයේ පදවැලත් ඇය එම පදවැලට මහත් සේ පෙම් බදින්නේ ඇයිදැයි අප ඇය විමසුවෙමු.
මේ ලෝකේ ඇති ප්‍රේමනීයම බැදිම සිද්‍ධාර්ථ යශෝදරා ප්‍රේමනිය බැදිම කියලා මම හිතන්නේ. එවන් වු ප්‍රේමයක් අපි හැමෝගෙම සිත් සතන් තුල ප්‍රාර්ථනයක් විදියට තියෙනවා. ඒ ගිතය ලිව්වේ ශාන්ත බණ්ඩාර විජේකෝන්.ඔහු මීට පෙර ගීත ගණනාවක් ලියා තිබුණා.
ප්‍රවීන ගායන ශිල්පිඅමරසිරි පීරිස්, අනුලා බුලත්සිංහල,රත්නා ලාලනි ජයකොඩි ඇතුළු ශිල්පීන් රැසක් ගයන ගී ඔහු ලියා තිබුණා. ඉතින් ඔහුගේ ඒ අරුත්බර පදවැලට මම කොයිතරම් පෙම් බැන්දාද කිව්වා නම්, මේ ගීතය කොහොම හරි මම ගයනවා කියන අධිෂ්ඨානය හිතේ ඇති කරගත්තා.
ඔස්ට්‍රලෙියාවේ මෙල්බර්න් මහමෙවුනාව භාවනා අසපුව ඉදිරිපත් කරන ඔහු විසින් රචිත අධ්‍යක්ෂනය කළ සම්බුදු අසිරිය විදහා දැක්වෙන තොරණ කතාවේ අභිනිෂ්ක්‍රමනය දැක්වෙන අවස්ථාවට තමයි මේ ගීතය මුලින්ම නිර්මාණය වුනේ. නමුත් මේ වන විට මේ ගීතයට විශාල රසිකයන් පිරිසක් එක්ව සිටිනවා . එය ඇත්තෙන්ම සතුටක්.
මෙම සංගීත චාරිකාවේ යෙෙදන්නට අත්වැලක් වූ පවුලේ අයද ඇය අමතක කලේ නැහැ.
මගේ ස්වාමියා ප්‍රාණජිව සෙත්සුව ආයතනයේ අධිපති වෛදය සුජිව විතානගේ මහතා. ඔහු ලෝකය පුරා රටවල් ගණනාවක ඔහුගේ ආයුර්වේද ඖෂධය මගින් රෝගින් විශාල පිරිසක් සුවපත් කරන්නට කටයුතු කරනවා. මට පුතාල දෙන්නෙක් ඉන්නවා. ඔවුන් අධ්‍යාපන කටයුතුවලට වගේම ගීත ගායනය වාදනයට ද දක්ෂ දරුවෝ දෙන්නෙක්. දරුවන් හදා වඩා ගැනීම වගේම අම්මා කෙනෙක් ගෘහනියක් බිරිදක් විදියට වගේම සෙත්සුව ප්‍රාණජිව ආයතනයේ අධ්‍යක්ෂිකවක් විදියටත් වැඩ කටයුතු කරන අතර ජිවිතයේ ඉඩක් ලැබෙන මොහොතක සංගිත කටයුතුවලටත් ඉඩ වෙන්කර ගෙන තියෙනවා. ඒ අපේ හිත් වඩාත්ම සුවපත් කරන්නේ සංගිතය නිසා.
ඉදිරියේදි සංගිත කටයුතු වඩාත් හොදින් කරන්නට අදිටන් කරගෙන ඇති ඇය සංගිත ක්‍ශේත්‍රයේ තමන් වැනිම ආධුනිකයන්ට අත්වැලක් වෙමින් හොද පදවැලක් ලැබුනහොත් තවත් ගී, සංගිත කෙතට දායාද කරන්නට බලා සිටින්නිය.
පද්මිණි මාතරගේ