යොහානි ගැන චිත්‍රාල් කියපු දේට චමත්ගෙන් පිළිතුරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය දවසක දැඩි ආන්දෝලනාත්මකව කතා වුණ  "මැනිකේ මගේ හිතේ" ගීතය පිළිබඳව  පසුගිය දිනක  රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රවීණ සංගීතඥ චිත්‍රාල් සෝමපාල අදහස් දක්වා තිබුණා.  එහිදී ඔහු යොහානිද සිල්වා ගැනත් ගීතය ගැනත් ඇයගේ හැකියාව ගැනත් දක්වා තිබූ අදහස් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වුණා.   මේ හේතුව නිසා මෙම ගීතයේ සංගීතය නිර්මාණය සිදු කළ චමත් සංගීත්  සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පිළිතුරු ලබා දී තිබුනේ මෙලෙසින්. 

වයසට ගරු කර ප්‍රවීණ කුහකයන්ට දෙහි කැපීම..    

මොරටුවේ මගේ පොඩි Studio එකේ. Yohani | Satheeshan | Dulan ARX | Pasindu Kaushalya. අපි එකතු වෙලා Manike Offical Cover Version එකක් කරලා.. පොඩි Nice & Simple Video එකක් දාලා… ඒක මුලින්ම ලංකාවේ Viral වෙලා.. ඊට පස්සේ දකුණු ඉන්දියාවේ Viral වෙලා… හිමින් හිමින් South Asia වල Viral වෙලා… YouTube එකේ 236M නැරඹුම් වාර ලැබිලා.. Spotify එකේ 44M බලලා… ඒ Globle Top Charts වල මාස ගනන් No1 to No5 වෙලා.. Tik Tok | Insta Reels වල Viral වෙලා. Celebrities ලා ගනනාවක් share කරලා.. Millions ගානක් covers & Youtube shorts හැදිලා..
" T Series " Bollywood Movie Industry එකේ තියෙන ලොකුම Production Company එකෙන් අපිට කතා කරලා.. Song එක Bollywood Movie Industry එකේ දැවැන්ත චරිතයක් වන " Ajay Davgen " සහ " Sidharth Malhotra " ගේ Movie එකක Main Song කරලා. Trailer එකේ ඉදං අපේ සින්දුවේ Meldoy එක Use කරලා.. Movie Version එකත් Title එක අපේ රටේ භාෂාවෙන් " MANIKE " කියලා දාලා. song එකේ කොටසක් අපේ ශ්‍රී ලංකික අනන්‍යතාවය ඉතුරු වෙන විදිහට අපේ භාෂාවෙන් ම දාලා. ඒ Version එකත් Hit එකක් වෙලා. FIFA Wold Cup එකෙත් Song එක Play වෙලා. ඒ ගිය දුර ගැන මට තියෙන්නේ ආඩම්බරයක්.. මොකද පිට රට සින්දුවල Melody උස්සලා මගේ කියලා ආවා නෙමයි නේ!!  
සමහරක් විට මේ දැවැන්ත, ප්‍රවීණ යැයි කියා කියාගන්නා සංගීතඥ මහත්තයට මේක මේ පොඩි දෙයක් වෙන්න පුලුවන්.. ඔයා තරම් අපි ලොකුත් නෑ.. ප්‍රවීණත් නෑ මහත්තයෝ.. එහෙමයි කියලා නරිවාදම් අහං ඉන්න බෑනේ!! මට අන්තිමටම කියන්න තියෙන්නේ Many Rivers To Cross 
මගේ Point එක song එක ගිය දුර ගැන.. Song එකක් Global Charts වල උඩට එනවා කියනේ ඒක Global ගියා කියන එක.. ඊට වඩා එකක් මං දන්නේ නෑ. මං කතා කරේ ඒ ගැන විතරයි 
* Chamath Sangeeth | Manike Mage Hithe - Music Producer