රන්ජන්ගේ ’ද ගේම්’ චිත්‍රපටය ලක්ෂ 100 ක ආදායම පසු කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ධාරාවේ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන සුරංග අල්විස්ගේ නවතම චිත්‍රපටය වන The Game ජූනි 17දා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වීම ආරම්භ වුණි.. පසුගිය කාලය පුරාවටම විටෙන් විට The Game චිත්‍රපටය එළිදැක්වීමට කටයුතු යොදා තිබුණත් විවිධ හේතූන් චිත්‍රපටය තිරගත කිරීම් කල් දැමුණා.

රංජන් රාමනායක, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජනිත් වික්‍රමගේ, බුද්ධික ජයරත්න, ධනංජය සිරිවර්ධන, තරින්දි ප්‍රනාන්දු ඇතුළු රංගන ශිල්පීන් රැසක් The Game චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වනවා.

එමෙන්ම ජනප්‍රිය සිනමා නළු රංජන් රාමනායක මහතා සිරගත කිරීමට පෙර රඟපෑ අවසන් චිත්‍රපටය මෙය වන බැවින් රංජන්ගේ මෙන්ම සිනමාලෝලීන්ගේද මහත් උනන්දුවක් The Game චිත්‍රපටය සඳහා තිබුණා.

මෙම චිත්‍රපටය මේ වනවිට ලක්ෂ 100 ක ආදායමක් ලබා තිබේ. මේතරම් ප්‍රශ්න රැසක් තිබියදිත් ද ගේම් ( THE GAME) චිත්‍රපටිය නැරබූ ආදරනීය රසික ජනතාවට රන්ජන් රාමනායක තම  ෆේස්බුක් ගිණුම හරහා ස්තූති කර තිබුණි.