රොෂාන් රනවන විවාහ සංවත්සරය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙරට සිනමාවේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිය රංගන ශිල්පීන් අතර රොෂාන් රණවන සිටින්නේ ඉහලම ස්ථානයක. මෙරට සිනමාවේ සිහින කුමරා බවට පත්වෙමින් ආදායම් වාර්ථා තැබූ චිත්‍රපට රැසක ප්‍රධාන චරිතයට පණ පොවන්නට රොෂාන්ට හැකි වුණා. රොෂාන් විවාහ වී සිටින්නේ කුෂ්ලානි සමඟ. ඔවුන්ගේ පුංචි පවුලට අමුත්තෙක් ආවේ මීට වසර දෙකකට කලින්. ඔහුගේ නම මිනෙත්.

අද රොෂාන්ගේ සහ කුස්ලානිගේ 8 වැනි විවාහ සංවත්සරය. ඒ වෙනුවෙන් මුහුණුපොතට සටහනක් එකතු කරන්න රොෂාන් අමතක කළේ නැහැ.

පහත දැක්වෙන්නේ ඔහුගේ සටහනයි.

"මේ දවස මට මතක් කරනවා ඔයාව මගේ බිරිඳ කියලා හඳුන්වන්න මම කොච්චර වාසනාවන්තද කියලා.. මගේ ශක්තිය වීම ගැන, මාව හිනස්සන්න, මගේ කඳුළු පිස දැමීම, මාව තදින් තුරුළු කර ගැනීම, මා සාර්ථක වන ආකාරය බලා සිටීම, මා අසාර්ථක වන බව දැකීම සහ සෑම විටම මා වෙනුවෙන් පෙනී සිටීම ගැන ස්තූතියි. මිනෙත් මට ඔබෙන් ලැබුනු වටිනාම තිළිණයයි... ඔහු වෙනුවෙන් ඔබ කළ සහ තවමත් කරන සියලුම කැපකිරීම්වලට ස්තුතියි..

ආදරය සත්‍ය වූ විට අවසානයක් නැත.. කාලයත් සමඟම වැඩි වූ අපේ ආදරය.. විවාහ වී වසර 8ක්, ආදරය පටන්ගෙන වසර 19ක්, සදහටම අපි අපේ,... අපට සුබ 8 වැනි සංවත්සරයක් වේවා!