ලංකාවේ Tik Tok තහ’නම් කරන්න ඕනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිසිස් වර්ල්ඩ් කිරුල හිමි කර ගනිමින් පසුගිය කාලේ ලංකාවේ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස ප්‍රසිද්ධියට පත් මිසිස් වර්ල්ඩ් කිරුල හිමි පුෂ්පිකාද සිල්වා ස්වර්ණවාහිනි නාලිකාවේ Coffee with Muditha & Ishi වැඩසටහනේදී සඳහන් කරනවා. ලංකාවේ ටික්ටොක් තහනම් කරන්න ඕනේ කියලා. එහිදී ඇති වූ කතාබහ මෙසේය.

හොඳයි මම ඊළගට ඇහැව්වොත් ටික්ටොක් කියන්නේ ලංකාවේ වගේම ලෝකයේම ප්‍රසිද්ධ සමාජ මාධ්‍යයක්නේ. මේක හරි හැටි භාවිතයට ගන්නන් අපි දැකලා තියෙනවා. ලෝකයෙත් ඉන්නවා ලංකාවෙත් ඉන්නවා. නමුත් ලංකාවේ අතිබහුතරයක් අපි දකින්නේ මේක අව භාවිතා කරනවා. ඒ නිසා මේ ටික්ටොක් සමාජ මාධ්‍ය අව භාවිතා කරන්නන්ට ඔබට දෙන්න තියෙන පණිවුඩය මොකක්ද?

ඒක කොහොමද වුණේ කියලා මට හිතා ගන්නත් බෑ. මම දකිනවා ටික්ටොක් ඇප් එකට ගියාම පිට රට වල කට්ටියගේ කන්ටෙන්ට් දැක්කාම ඒ ගොල්ලෝ ඇප් එක පාවිච්චි කරන්නේ එයාලාගේ මොනා හරි දෙයක් ප්‍රමෝට් කර ගන්න හෝ රටේ ලස්සන ලෝකේෂන් වලට ලස්සන මියුසික් දාලා එහෙම තමයි ඒ ගොල්ලෝ හැමදේම. ඒ කියන්නේ ලොකු දෙයක් කරන්න පුළුවන් දෙයක්නේ ඇත්තටම. මාර්කටින් පැත්තෙන් මොනවා හරි දෙයක් ප්‍රොමෝට් කර ගන්න පුළුවන්. අද ගොඩක් තරුණ තරුණියෝ ටික්ටොක් ඇප් එක පාවිච්චි කරනවා. නමුත් මම ලංකාවේ දකින්නේ විකාරයක් වගේ. මේක අපේ රටට ලොකු කැලැලක් ඇත්තටම. ටික්ටොක් කරන එක මේ වගේ වීඩියෝස් හදලා දාන එක. සමරහක් දේවල් මම දැකලා තියෙනවා ගොඩක් ළමයින්ට හිරි හැර කරන දේවල් ටික් ටොක් දාලා තියෙනවා. විහිලුවක් වගේ ඇත්තටම. මේක සීමා කරන්න ඕනේ. ලංකාවේ සෝෂල් මීඩියා කියන ඒ ඇත්තටම මුදිත හසුරු වන්න දන්නේ නැහැ. සෝෂල් මීඩියා වලින් ඇත්තටම මොක්කද කරන්න පුළුවන් කියන්න කවුරුත් දන්නෙත් නැහැ.

මේක ලොකු වටින දෙයක්නේ සෝෂල් මීඩියා කියන්නේ. ඉස්සර වගේ රියැලිටි පෝග්‍රෑම් නැහැ සෝෂල් මීඩියා තියෙන නිසා එක රැයින් තරුවක් වෙන්න පුළුවන්. ඒවගේ හොඳ දෙයකට සෝෂල් මීඩියා කියන දේ පාවිච්චි කරා නම් ලංකාව ජාත්‍යන්තර තලයේ බබලවන්න පුළුවන්. ජාතික ධජය ඇත්තටම, ශ්‍රීලංකා කියන ෆ්ලෑග් එක. නමුත් මෙතන ගොඩක් දෙනෙක් මේක වැරදි විදිහටනේ හසුරු වන්නේ. ගවර්ම්න්ට් එකටම තමයි පුළුවන්. එක්කො බෑන් කරන්න ඕනේ. හරි කම්පැනීස් ටිකට මේක දීලා ටික් ටොක් මම දන්නේ නැහැ එහෙම කරන්න පුළුවන්ද බැරිද කියලා. ටික්ටොක් එක මොකක් හරි ප්‍රඩක්ට් එකක් ප්‍රමෝට් කරන්න මොනා හරි කම්පැනි එකක් ප්‍රමෝට් කරන්න ඒ වගේ හොඳ දෙයකට ටික්ටොක් කියන එක පාවිච්චි කරා නම් හැමෝටම නැතුව හොඳ දෙයක් හැම වෘත්තීයකටම හැදෙනවා.