ලංකාවේ ටික්ටොක් තරුවක් වූ සෙව්වන්දිට දූ මැණිකක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දරුවෙක් කියන්නේ ගෙදරකට වාසනාව. දරුවෙක් පුංචි පවුලකට එකතු වෙනකන් හැමෝම ආදරයෙන් බලාගෙන ඉන්නවා. පුංචි තිරයේ අහිංසක පෙම්වතිය ඒ තමයි සෙව්වන්දි නයනතාරා. ටික් ටොක් රැජින කියලත් බොහෝ දෙනා ඇයව හදුන්වනු ලබනවා. නාඩි , තෝඩු ආදී ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂක ආදරය දිනාගන්නට සමත්වුණ ආදරණිය චරිතයක් තමයි සෙව්වන්දි කියලා කියන්නේ. සෙව්වන්දි විවාහ වෙන්නේ මැණික් ව්‍යාපාරිකයෙක් එක්ක.

අවුරුදු ගානක ප්‍රේම කතාවක් එක්ක තමයි සේවන්දි විවාහ වෙන්නේ. සෙව්වන්දි දැන් අම්මා කෙනෙක් වෙන්න යන්නේ. ජිවිතේ එයාලා ආසම කරපු හීනෙ හැබෑකරගන්න තමයි යන්නේ. ඉතින් පුංචි පැටියා කුසේ දරාගෙන කාලයක් හිටිය ඇය එයා දුවෙක්ද පුතෙක්ද කියලා දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒ කවුද කියලා දැනගන්න පුංචි පාටියක් ලැහැස්ති කරලා තිබුනා. ඉතින් එයාලගේ පුංචි පවුලට එන අලුත්ම සාමාජිකයා දුවෙක් කියලා තමයි දැනගන්න ලැබුනේ.