විනෝදයට නිරූපණ කටයුතු කරන ගී පද රචිකාවිය - මලර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෘත්තියෙන් ගී පද රචිකාවියක් වන හරින්දිකා ද සිල්වා මේ වනවිට ගීත රැසක්ම පද රචනා කොට ඇත. විනෝදංශයක ලෙස නිරූපණ කටයුතුවලටද සම්බන්ධව සිටින ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළ 'මලර්' ලෙසද ප්‍රසිද්ධව සිටියි. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ කතා බහයි..

ගීත ලියන්න ඔබ කොහොමද පෙළඹුනේ?

තේරෙන වයසේ ඉඳලා තරුණ කාළේ වෙනකම්ම ජීවිතේ ගොඩක් පොත් මගේම කරගෙන කියවන්න ගත්තු දවසේ ඉදන් ලියන්න ආසවක් තිබ්බා මට. නමුත්, නදීක ගුරුගේ මහතාගේ සංගීත ඇකඩමියට ඇතුළත් වුණ දවසෙ ලියන එකේ සහ සන්නිවේදනය කියන එකේ මානුෂියත්වයට මටත් මගේම අර්ථකතනයක් දෙන්න ඕන කියලා මට ලියන්න තල්ලුවක් ඒ ආයතනයේ සහෝදරවරුන්ගෙන් ලැබුණා. ඉතින් එතැනින් තමයි මම ලියන්න පටන් ගත්තේ.

දැනට ලියපු ගීත මොනවාද?

දැනට ගීත කිහිපයක් කරා නුරා දෑස් අගින්.. කියන ගීතය තමා ලියපු පළමු ගීතය  ඊට පස්සේ, කලු සුදු වර්ෂාව, දෙව්ලී, හසගන,  අවුරුදු මගුල යන ගීත එළිදක්වල තියෙනවා. දමිල ගීතයකට දැන් කවර් එකක් ලියලා තියෙනවා. ඒක සහ ලංකාවේ මෙතෙක් ආපු සහ එන උච්චතම ස්වරයෙන් ගැයෙන ද ඔපෙරා.. කියන මගේ ගීතය ළඟදි  නිකුත්වෙන්න තියෙනවා.

වර්තමානයේ සිටින ගීත ලියන්නන් එකාකරි ඔබත් එහෙමද?

ඔව්, වර්තමානයේ එකම තනුවක් තමා ඇහෙන්නෙ එක්කෝ මල් විරහවක් සහ පුරුදු ශාස්ත්‍රීය මට්ටමෙ ගීත තමා අපිට දකින්නට ලැබෙන්නෙ ඒව සාමාන්‍යයෙන් මිනිස්සුන්ට වඩා යූටියුබ් විව්ස් සහ මාකර්ට් එක බලල තමා ජනගත කරන්නේ. එත්, ඇත්තටම ගීතයක් කියන්නෙ මහා ගැඹුරු විශ්වීය පරිකල්පනයක් අතීතයේ තරම් ව්‍යන්ග , රසාලිප්ත අද කාළේ සාහිත්‍යමයාතින් බිහිවීම් ටිකක් පහළ මට්ටමක තියෙනවා ඒත් හැම වෙලාවෙම මම උත්සහ කරන්නෙ අලුතින්ම හැගීමක් උපද්දවන්න රසයෙන් ගුණයෙන් වගේම අළංකාරයනුත් අඩු නොකරම.

ඔබ වඩා කැමති මොන ශෛයිලයේ ගීත ලියන්නද?

මම කැමතියි අලුත් හැගීමක් දැනෙන අර්ථයක් රසයක් මනා ගැළපීමක් පණිවිඩයක් තියෙන දෙයක් අලුත්ම විදිහට තරුණ පිරිස්වලට ඇගෙනට දැනෙන ගීත ලියන්න.

ගීත ලියනවට අමතර ඔබ නිරූපිකාවක් විදිහටත් වැඩ කරනවාද?

වෘත්තීමය නොවුණත් මම ෂුට් වලට දායක වෙනවා. ඒවයෙත් වෙනස් හැඩ තල තියෙනවට මම කැමති ෆීල්ඩ් එක වශයෙන් නිරූපණය තෝරගෙන නැ. මගේ වෘත්තීය විදිහට පද රචනය සහ ගායනයට තමා මම වැඩි අවදානය දෙන්නෙ.

'මලර්' කියන නම් හැදුනේ කොහොමද?

'මලර්' කියන්නේම ප්‍රේමයක් 2015 ආපු ප්‍රේමම් මලයාලම් කතාවේ වගේම ආදරණිය කතාවක් මටත් ජීවිතයේදි සිද්ධවෙනවා. ඉතින් ළඟම අය මට මලර් කියල කතා කලා සහ මට තද ඇල්මක් දමිල සංස්කෘතියට තියෙනවා. දමිල තරුණියක්වගේ කරපු නිරූපණයක ජායාරූප පළ උනාට පස්සෙ ප්‍රේමම් එකේ මලර්ගේ පොඩි සමානකම් නිසා ඒ නම ගොඩක් දුරට පටබැදුනා. දැන් නම් ගොඩක් අය පාරෙදි උනත් මට මලර් කියල තමා කතා කරන්නේ.

ගීත ලියන්නද, නිරුපිකාවක් විදිහට වැඩ කරන්නද ඔබ කැමති?

ගීත ලියන්න. මොකද,  ඒක මගේ වෘත්තිය බවට දැන් පත්වෙලා. නිරූපණය කියන්නේ මගේ එක්තරා විනෝදාංශයක් විතරයි.

මොනවාද ඉලක්ක ඔබට තියෙන?

එකම ඉලක්කය කාව්‍ය සංග්‍රහයක් ඉක්මණටම එළිදක්වන එක සහ ජීවිතේ විඳවන්නෙ නැතුව හැම තප්පරයම ගොඩ දාගෙන ජීවත් වෙන එක. ඒ වගේම මේක අවස්ථාවක් කරගන්නවා විවිධ කෝණවලින් මට ආදරේ දීපු හැමෝම. ඒ අය නිසා තමයි මම මෙතනට ශක්තිමත්ව ආව සහ මට ආදරේ කරන හැම දෙනාටම මන් ආදරෙයි.

බුද්ධික සේනාධීර