විවාහය කල් ගිය නිසා ජනප්‍රිය ගායක චිලී පෙම්වතිය එක්ක කරන්න යන අලුත්ම වැඩේ මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චිලී කියන්නේ තාරුණ්‍යයේ ආකර්ෂණිය හඬක්. ඔහු රසට ගයන නිසාත් රූපය නිසාත් ඔහුට බොහෝ දෙනා ආදරේ කරනවා. බොහෝ දෙනාගේ ආදරේ ලබන ඔහු  සිය පෙම්වතිය සමඟ එක්ව සිදු කරන අලුත් වැඩක් ගැනයි මේ කියන්න හදන්නේ. ඔවුන් විසින්  Beauty Gallery by Reeni නමින් නව රූපලාවන්‍ය ආයතනයක් ඊයේ දිනයේදී වත්තල ප්‍රදේශයේදී විවෘත කළා. 

 
රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙය සංවිධානය කර තිබුණා. මෙහි රූපලාවන්‍ය කටයුතු සිදු කරනු ලබන්නේ, ජාතික මට්ටමේ රූපලාවන්‍ය තරගාවලි රැසකට සහභාගී වී ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇති, ගායන ශිල්පී චිලිගේ පෙම්වතිය වන රීනි ප්‍රනාන්දු වීමත් විශේෂත්වයක්.
 
0711122231 යන දුරකතන අංකය හරහා ඔබට අවශ්‍ය රූපලාවන්‍ය කටයුතු සඳහා වෙලාවක් වෙන් ගැනීමට හෝ වැඩිදුර විස්තර දැනගැනීමට හැකි වනවා.
 
එමෙන්ම කාන්තාවන් තුළ පවතින රූපලාවන්‍ය ගැටළු සම්බන්ධයෙන් නොමිලේ උපදෙස් ලබාදීමටත්, රීනි ප්‍රනාන්දු සූදානමින් සිටීමත් විශේෂත්වයක් වන අතර ඉහත දුරකතන අංකය හරහා ඇය හා සම්බන්ධ විය හැකියි. මේ වනවිට පෙම්වතුන් ලෙස සිටින චිලි සහ රීනි මෙම වසරේදී විවාහ වීමට සූදානමින් සිටියදී කොරෝනා වසංගතය ව්‍යාප්තියත් සමඟින් එය කල්දැමීමට කටයුතු කළ බව ද සඳහන්.
 
කෙසේ වෙතත් ලබන වසරේදී ගායක චිලි සහ රීනි විවාහ දිවියට පිවිසීමට නියමිත බව ද සඳහන්.