සුදු වෙන්න ගිහින් සැබෑ සුන්දරත්වය නැති කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෝස්තර නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් ලෙස දෙස් විදෙස් ජනාදරයට පාත්‍ර වූ ඇය වාසනා දන්තනාරායන නම් සොඳුරු කලාකාරිනිය යි.  තමන්ටම ආවේණික වූ විලාසිතාවලින් අනන්‍යතාවයක් ගොඩනගාගෙන ඇති ඇය සමග අද සිට ඇරඹෙන ෆැෂන්  පිටුව  මෙලෙසින් හැඩ වේ.

ෆැෂන් කරන්න ඔබ අදටත් කැමතිද?

අම්මෝ ඔව්... මැරෙනකම්ම ලස්සනට ඉන්න ඕනේ..ඒ නිසා ඉතින් මම මටම ආවේණික වුණු රටාවකට, රාමුවකට අදටත් ගැලපෙන විදිහට ලස්සනම විදිහට ෆැෂන්   කරනවා .

ෆැෂන් කියන්නේ  විලාසිතා විතරමද?

මම පෞද්ගලිකව හිතනවා ෆැෂන් කියන්නේ ඇඳුම් පැළඳුම් විතරක්ම නොවේ. 
අපි කන බොන විදිහ,
කොණ්ඩෙ සකස් කරන විදිහ,
කතා කරන විදිහ,
කෙනෙක් එක්ක ගනුදෙනු කරන විදිහ,
මේ කියන හැමදේම ෆැෂන් එකක් විදිහට තමයි මම දකින්නේ .....ඇත්තම කියනවා නම් ඒ ෆැෂන්  එක ඇතුලෙ තමයි අපි අපිටම ආවේණික වුණු අනන්‍යතාවයක් ගොඩනගා ගන්නේ .ඒකට ගෑනු පිරිමි බේදයක් නැහැ ...

ඔබ ඔබටම  ආවේණික වුණු  අනන්‍යතාවයක් ගොඩනගා ගත් කෙනෙක්ද?

ඔව්.වාසනා දන්තනාරායන කියන රාමුව ඇතුලේ මම හරිම ආසයි ලස්සනට අඳින්න.අඳින  ඇඳුමට හෑන්ඞ් බෑග් එක, සපත්තු සෙරෙප්පු ගළපන්න .දැන් මම බොහෝ වෙලාවට කොණ්ඩයට බෑන්ඞ් එකකුත් පළඳිනවා.ඊට අමතරව උත්සව අවස්ථාවල දී   අඳින ඇඳුමේ පාටට කරාබුත් පලඳිනවා.

සමාන්‍යයෙන් විලාසිතා තෝරා ගැනීමේදී මොන වගේ  කරුණු කෙරෙහි ද  සැලකිලිමත් වෙන්නේ...?

අඳින ඇඳුමක් නිසා කොයි වෙලාවකවත් මම අපහසුතාවයෙන් ඉන්න කැමති නැහැ. ඒ නිසා කොහොම ඇඳුම් ගත්තත් පහසුව ගැන නම් ගොඩක් හිතෙනවා.ඊට අමතර ව ශරීරයට ගැලපෙන විදිහට  වර්ණ තෝරා ගැනීමත් සිදු කරනවා.   

වර්තමානයේ අපි බොහෝ විට දකිනවා විලාසිතා කියලා කරන්නේ ඇදුම් නිර්මාණයටත් වඩා ශරීරය පෙන්වීම?

ඔව් ....බොහෝ සුන්දර යුවතියන් පවා තමා සතු සුන්දරත්වය අසුන්දර විදිහට භාවිතා කරන පටන් අරන් ....එක හරිම අවාසනාවන්ත තත්ත්වයක් ...පෙන්වනවා නම්  ගැහැනියෙකුගේ ඇඟක් දකින්න ඕනෑම පිරිමියෙක් කැමතියි .....ඇඟවල් පෙන්නලා විලාසිතා කරලා අනන්‍ය තාවයක් ගොඩනඟා ගැනීම ක්ෂේත්‍රය ක රැ​ෙඳන්න කරන තාවකාලික වැඩක් විදියටයි  මම නම් දකින්නේ.

පුංචි කාලේ ඉඳලා ම ඔබ  ලස්සනට අඳින්න කැමතිද?

ඔව් .... මට මතකයි මගේ අම්මාගේ මංගල උත්සවයට පැලඳූ අඩි උස සපත්තු දෙකක් දාගෙන ඇගේ සාරි ඇඳගෙන  මම පුංචි කාලේ මෝස්තර නිරූපිකාවක් විදිහට පවුලේ අය ඉස්සරහ රඟපෑවා....කොහෙන් හරි ලිප්ස්ටික් කූරක් හොයාගෙන  තොල්වල ගාලා ඒකම කම්බුල් වලත් ගාලා මේකප් කරගන්නවා ....මගේ සීයා කෙනෙක් තමයි ලස්සනටම නිරූපණය කරන   කෙනාව තෝරන්නෙ ...එහෙම තෝරන හැම වෙලාවකම පවුලේ හැමෝගෙම පලවෙනිය වෙන්නෙ මම. 

ඔබ යම් කෙනෙක් අනුකරණය කරන්න උත්සාහ ගත්ත ද?

ෆැෂන්  කියන මාතෘකාව පුරාවටම බොහෝවිට තියෙන්නෙ අනුකරණය... ලංකාවේ විතරක් නොවේ ,ලෝකය  ගත්තත් එහෙමයි.. ඉස්සර මම හරිම ආසයි  එවකට විවාහක රූ රැජින ලෙස කිරුළ පැළඳු රෝසි සේනානායක මහත්මියට ..ඇගේ සුන්දරත්වයට,
ලස්සනට  ඇය අඳින පළදින විදිහට.
ඇය කතා කරන විලාසයට,  
ඇය ඇවිදින විලාසයට ...

ඇයව  රූපවාහිනියෙන්  පෙන්නනවා නම් බොහෝ විට  රූපවාහිනීය ඉදිරියට වෙලා ඈ දෙස මම  බලන් ඉන්නවා .....පුංචි කාලෙදි ඇය දෙස දකිනකොට මම හිතුවේ ”

මමත් කවදා හරි දවසක ඇය වගේම ලස්සනට ඉන්නවා .ලංකාව  නියෝජනය කරන්න පුළුවන් ආකාරයට මටම ආවේණික  වුණු අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා කියලා....

ඔබ මෝස්තර නිරූපිකාවක් ලෙස ට ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

අහම්බෙන් ....මගේ අක්කා කෙනෙකුගේ විවාහ මංගල්ලයට ඇය හැඩ ගැන්වීමට   ඇවිත් හිටියෙ එවකට රටේ හිටපු අති දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියෙකු වු ගාමිණී පණ්ඩිතරත්න මහතා ..එහි දී  මාව දැක්ක ගමන්ම ඔහු කිව්වා  ඔබට නිරූපණ ක්ෂේත්‍රයෙන්  බොහෝ දුර ගමනක් යන්න පුළුවන් කියලා ....

ජාත්‍යන්තරය නියෝජනය කළ අයකු විදිහට ඔබ ලැබූ අත්දැකීම් කෙසේද?

ආසියාවේ බොහෝ රටවල වලට වගේම ලංකාවේ අයට ජාත්‍යන්තර මෝස්තර නිරූපන සංදර්ශනවලදී ඉහළ වටිනාකමක් ලැබෙනවා... විශේෂයෙන්ම අපේ රටට ආවේණික වූ සමේ පාටට..රටට ආවේණික වු ඇඟේ හැඩයන්ට ....
නමුත් අවාසනාවකට අද වෙන විට ”
සුදු” ලස්සනයි කියන මතය නිසාම හැමෝම විහින් තමන්ගේ සුන්දරත්වය නැති කරගෙන කියලයි මට නම් හිතෙන්නේ.....

සාමාන්‍යයෙන් විලාසිතා කරනකොට මොන වගේ කරුණු කෙරෙහි ද සැලකිලිමත් වෙන්නේ?

ශරීරය උස ප්‍රමාණය, ශරීරය වර්ණය,ශරීරයෙ හැඩය ,මේ සියලුදේ වල් බලපනවා... උදාහරණයක් විදිහට උස ශරීරයක් තියෙන කෙනෙකු ට ගැලපෙන ඇඳුමක් උසින් අඩු ,මිටි කෙනෙකුට ගැලපෙන්නෙ නැතිවෙන්න පුළුවන් ...ඒ වගේමයි අපි සහභාගි වන තැන අනුවත් විලාසිතා තෝරා ගත යුතුයි ....ඒ හැරෙන්න මිලෙන් ඉහළ ඇඳුමක් ඇන්ද පමණින් අපෙ  ශරීරයට පෙනුම වැඩි වීමක් වෙන්නේ නැහැ.... සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ලක්ෂ ගණන් වල ඇඳුම් ඇඳන් සමහර අය හරිම අපහසුතාවයෙන් ඉන්න අවස්ථා... ඒ නිසා මුදලේ වටිනාකම ටත් වඩා විලාසිතාවක් තෝරා ගන්න කොට අපි මුල් තැන දෙන්න ඕනේ අපේ පෙනුම වැඩි වනවා ද කියන එකයි ඇඟට පහසු ද කියන එකයි ...සමහර වෙලාවට රුපියල් දාහකට එක්දහස් පන්සියකට තියෙන ඇඳුමක් වුණත් ඇඟට ලස්සන නම් ,පෙනුමක් එනවා නම් එවැනි ඇඳුමක් වුණත් මම අඳින  අවස්තා තියෙනවා .

ලස්සනට ඉන්නකොට  පවුලේ අයගෙන් ලැබෙන්නේ මොන වගේ වටිනාකමක්ද?

අම්මෝ හරිම ඉහළයි ....  දියණියගෙන් සහ ස්වාමියාගෙන්  තමයි ඉහළම  ප්‍රතිචාර නිතරම ලැබෙනවා .....දුව නිතරම ළඟට ඇවිත් කියනවා ”
අම්මි ඔයා ගොඩක් ලස්සනයි, මගේ යාලුවෝ හැමෝම කියනවා ඔයාගේ අම්මා ගොඩක් ලස්සනයි කියලා... ඒ වචන නිතර ඇහෙද්දි තවත් ලස්සනට ඉන්න ඉබේම හිතෙනවා ....තරුණ දුවෙක් ඉන්න මවක්  මම..  අද ......මට ගැළපෙන විදිහට ලස්සනම ඇඳුම් තෝරන්නේ මගේ දුවයි මහත්තයයි.

ලස්සන විලාසිතාවක් කලාම ඔබට මොන වගේ දෙයක් ද  සිතට   දැනෙන්නේ?

ඇත්තටම කියනවා නම් ලස්සනට,  පිළිවෙළට, පිරිසුදුව ඉන්න එකේ ප්‍රධානම ප්‍රතිලාභය ලැබෙන්නේ තමන්ට. ලස්සනට ඉන්නවා කියන කරුණින් අප නොදැනුවත්වම අප කෙරෙහි ආත්ම  විශ්වාසයක් ගොඩ නැගෙනවා. මම මාව කන්නාඩියෙන් බලන හැම වෙලාවකම අප්‍රමාණ සතුටක් ලබනවා ,වගේම ලබන ආත්මෙත් ගැහැණු ආත්මයක් ම ලැබෙන්න කියලා නිතර ප්‍රාර්ථනා කරනවා ....

අසුන්තා එදිරිසූරිය