සූර්යා රඟපෑ හොලිවුඩ් චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිනමා නළුවෙකු ලෙස කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වූ සූර්යා දයාරුවන් මේ වනවිට රංගන ශිල්පියෙක් හා ගායකයෙකු ලෙසද කටයුතු කරමින් සිටියි. මේ දිනවල විකාශය වෙමින් පවතින ටෙලි නාට්‍යය කිහිපයකම දකින සූර්යා පසුගිය දිනවලදි හොලිවුඩ් චිත්‍රපටයක් සඳහාද සිය රංගන දායකත්වය ලබාදි තිබුණී.

නිහාල් බණ්ඩාර මහත්මයාගේ ‘බැක් ටූ එළිෆන්ට් වෝක්’ කියන චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණා. මේක තනිකරම ඉංග්‍රීසි භාෂවෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. මම හිතන්නේ මට මේ අවස්ථාව ලැබුණේ ‘සල්මල් අරාමේ’ ටෙලි නාට්‍යයේ ආනන්ද හාමුදුරුවෝ චරිතය කරද්දි මම ඉංග්‍රීසියෙන් බණ කිව්වා. මගේ ඉංග්‍රීසි උච්චාරණය හොඳයි කියලා තාම මාව මේ චරිතයට තෝර ගන්න ඇත්තේ. අනික මම ඔපෙරා ගීත ගායනා කරපු කෙනෙක්. ඒ හැකියාවත් යම් හේතුවක් වුණා මේ චරිතය මට ලැබෙන්න. මේක ‘නෙට්ෆිල්ක්ස්’ ආයතනය හරහා තමයි නිකුත් කලේ.