හෙක්ටර් ඩයස් 17 වෙනි විවාහ සංවත්සරය සමරපු හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිරු ටීවී නාළිකාවේ විකාශය වෙන "දිවිතුරා" ටෙලිනාට්‍යයේ අගස්තිගේ චරිතය නිරූපණය කරන හෙක්ටර් ඩයස් මේ දවස්වල කාගෙත් අවදානයට ලක්වුණු චරිතයක්.

කණ්ඩායම් සංගීතයෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි තරුවක් වෙන හෙක්ටර් දැන් රංගන ශිල්පියෙකු ලෙසද ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක්.

හෙක්ටර්ට ලස්සන පවුලක් තියෙන බව ඔහුගේ ප්‍රේක්ෂකයන් දන්නවා. ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ ඔහු නිරන්තරයෙන් ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරනවා.

ඊයේ (04) ඔවුන්ගේ 17 වැනි විවාහ සංවත්සරය. ඒ වෙනුවෙන් හෙක්ටර්ගේ බිරිඳ තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ සටහන.

"අදට අපේ ගමනට අවුරැදු 17ක්..
එකට දුර ගමනක් යමු කියලා පටන් ගත්ත දවස තාම මතකයි.
හැරිල බලද්දි ආයිත් ඒ මග දිහා, විසාල කදු ගොඩක් පසු කරන් ඇවිත් තියෙන්නේ…
බදා කෝටියක් මැද අපි දෙන්න මේ එන ගමන හරිම සුන්දරයි,
ඒත් ආ මග කෙටි, යා යුතු ගමන ඉතාමත් දුරයි…
යමු ඒ ගමනත් අත් දෙක අල්ලන් මොන බාදාවල් ආවත්…
ආදරෙයි"

පහත දැක්වෙන්නේ ඔවුන්ගේ සංවත්සරය දා හෙක්ටර්ගේ බිරිඳ පළ කළ ඡායාරූප සහ ඔවුන් මෙවර සංවත්සරය සමරපු ඡායාරූප.