කොට ඇඳුමට මම ගොඩක් ලස්සනයි කියලා හැමෝම කියනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජාතික හා ජාත්‍යන්තර රූපරාජිණි තරග බොහෝමයක් සඳහා සහභාගි වි ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් වූ රධිකා ගුණවර්ධන මෙවර සාරවිට තරු කතාබහට අප සමගින් මෙසේ එක්විය. වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි රධිකා වර්තමානය වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ රංගන ශිල්පිණියක් විදිහටය. විලාසිතාවලටද දැඩි ප්‍රියතාවයක් දක්වන රධිකාට අප ඒ සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් මෙසේ යොමු කළා.

විලාසිතාවලට රාධිකාගේ තියෙන කැමැත්ත කොහොමද?

ගැහැණු අය කොහෙමත් විලාසිතා කරන්න කැමති අයනේ. සාපේක්ෂකව ඉතින් මාත් විලාසිතා කරනවා. හැබැයි කාලෙන් කාලේට එන හැම විලාසිතාවක්ම මම භාරගෙන කරන්නේ නැහැ. මට ගැළපෙනවා කියලා හිතෙන විලාසිතා මම කරනවා.

වැඩිපුරම මොනවද කරන විලාසිතා?

ගොඩක් වෙලාවට ඇඳුම් තමයි. ඊට අමතරව හැන්ඩ් බැග්, සපත්තු, සෙරෙප්පු ඔය හැම එකක්ම විලාසිතා විදිහට කරනවා. සුවඳ විලවුන්, මේකඅප් වගේ දේවලුත් මම ගොඩක් වෙලාවට විවිධත්වයෙන් පාවිච්චි කරනවා.

රාධිකාට ලස්සනම මොන වගේ ඇඳුම්ද?

කොට ගවුම් තමයි මට ගොඩක්ම ගැළපෙන්නේ. මගේ සමිපතමයොත් කියන්නේ කොට ඇඳුමට මම ලස්සනයි කියලා. මටත් හිතෙනවා ඒ අඳුම්වලට මම ලස්සනයි කියලා. හැබැයි ඉතින් දිග කොට කියලා නැහැ. මොන ඇඳුම ඇන්දත් මම ලස්සනයි.

සාමාන්‍යයෙන් මාසිකව ඇඳුම්වලට ඔබ කොපමණ මිළඳි ගන්නවාද?

එහෙම ප්‍රමාණයක් නැහැ. කොහොමත් මම උපයන මුදලෙන් කොටසක් වැය කරන්නේ මගේ ඇඳුම් පැළඳුම්වලට තමයි. හැබැයි ඒක මෙච්චරක් කියලා මට කියන්න බැහැ. මොකද, මම කලා ශිල්පිණියක්. ඉතින් අඳුනන පිරිස වැඩියි. උත්සවයකට හරි රූපවාහිනි වැඩසටහනකට හරි සහභාගි වුණොත් ඒ ඇඳුම ආයෙත් අපිට වෙන තැනකට අඳින්න බැහැ. එහෙම වෙලාවට ඇඳුම් කිහිපයක් වැඩිපුර ගැනෙනවා මට.

කා සමගද ඇඳුම් තෝරන්න ඔබ යන්නේ?

හස්බන්ඩ් එක්ක තමා. ගොඩක් වෙලාවට මම තෝරන ඇඳුම්වලට එයාත් කැමතියි. එයාගේ කැමැත්තත් මගේ කැමැත්තට සමානයි. ඒ වගේම එයාට හොඳට පුළුවන් මට ඇදුම් තොරන්නත්. එයා ගොඩක් වෙලාවට තෝරන ඇඳුම් මට සියයට සියයක්ම ගැළපෙනවා.

බිරිඳක් මවක් වුණාට පස්සේ අඳින ඇදුම්වල සීමාවක් තියෙනවාද?

එහෙම නැහැ. අපේ ජිවිත ආයුෂ මෙච්චරයි කියන්න බැහැ. ඉන්න කාලයේදී ලස්සනට සතුටින් අඳින්න පළඳින්න ඕනා. ඒ හින්දා මම එහෙම සීමාවකට යටත්ව ඇඳුම් අදින්නේ නැහැ. කොටද දිගටද කියන ප්‍රශ්නේ මම මුල් කරගන්නේ නැහැ. අනික මගේ හස්බන්ඩ් වුණත් එහෙම නීති පනවන කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මම අදටත් ඕනා ඇඳුමක් අදිනවා.

අඳින්න බැරි ඇඳුම්වලට මොකද කරන්නේ රාධිකා?

මම පල්ලියට දෙනවා අසරණ අයට දෙන්න කියලා. කාලයක ඉඳන් මම ඒ දේවල් කරනවා. කවමදාකවත් කෙනෙක්ට අඳින්න බැහැ කියලා හිතෙන ගොඩක් පාවිච්චි කරපු ඇඳුම් නම් මම දීලා නැහැ. මම දෙන ඇදුම් අතර, දෙතුන්පාරකට වඩා නොඇඳපු ඇඳුමුත් තියෙනවා. අපි දෙන දෙයක් දෙන්න ඕනා අවංක චේතනාවෙන්. පාවිච්චි කරන්න බැරිව විසි කරන්න ඕනා නිසා කෙනෙකුට දෙන එක හරි නැහැ.

බුද්ධික සේනාධීර
ඡායාරූප - සුපුන් උදයංග