කෝලියි, සංගයි මම ආසම ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ‘පාරදිගේ’ හා ‘විසේකාර හාදුවක්’ ටෙලි නාට්‍යයේ දකින චාමි ප්‍රියදර්ශනි දැන් බොහෝ දෙනෙකු දන්නා නවක රංගන ශිල්පිනියකි. කලා තොරතුරු හා පෞද්ගලික තොරතුරු නිතරම විමසන නිසාම අපි ඇයගෙන් මෙවර චාමි වඩාත් කැමති ක්‍රිකට් ක්‍රීඩාව ගැන ප්‍රශ්න කිහිපයක් යොමු කළා. මේ ඊට ඇය දුන් පිළිතුරු..

ක්‍රිකට්වලට කැමතිද?

ඔව්, ක්‍රිකට්වලට කැමතියි. මම ආසම ක්‍රීඩාවන් අතරින් එකක් තමයි ක්‍රිකට් කියන්නේ. හැබැයි මේ කැමැත්ත ඇතිවුණේ මැතකදී කිව්වොත් හරි.

නරඹපු හොඳම ක්‍රිකට් තරගය මතකද?

ඔව්, 2019 වසරේ එංගලන්තයේ තිබුණ එක්දින ලෝක කුසලාන තරගාවලියේ ලෝක ශූරතාවය දිනූ එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තරගය. ඒ තරගයේ මගේ ජිවිතේ මම බොහෝ කුතුහලයෙන් නරඹපු තරගය කිව්වොත් හරි. අපිවත් පුදුම කරමින් ඒ තරගය අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තා.

ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවද ඔබ?

නිතරම වගේ නම් නැහැ. සමහර වෙලාවට ඉඩ ලැබුණ අවස්ථාවක ක්‍රීඩා කරලා තියෙනවා. මම බැට් කරන්න තමයි ගොඩක් කැමති. මොකද, මට ඒ අංශය හොඳට පුළුවන් නිසා.

කැමතිම ක්‍රිකට් කණ්ඩායම?

ශ්‍රී ලංකා කණ්ඩායම තමයි. වර්තමානයේ ගත්තොත් එක්දින, විස්සයි විස්ස වගේම හොඳ ටෙස්ට් කණ්ඩායමක් ශ්‍රි ලංකාවේ අපිට ඉන්නවා.

අන්තිමට නරඹපු ක්‍රිකට් තරගය මොකක්ද?

බංග්ලාදේශ හා ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ අන්තිම දවස මම නැරඹුවා.

ඔබ කැමති දේශිය හා විදේශිය ක්‍රිකට් ක්‍රිඩකයින් කවුද?

ලංකාවෙන් ගත්තොත් කුමාර් සංගක්කාරට කැමතියි. විදෙස් ක්‍රීඩකයෙක් විදිහට මම තොරන්නේ විරාත් කෝලිව. ඒ දෙන්නට කැමති හේතුව ඔවුන්ගේ දක්ෂතා. විශේෂයෙන්ම පන්දුවට පහරදීම.

ක්‍රිකට් ක්‍රීඩකයෝ මුණ ගැහිලා නැද්ද?

කලාතුරකින් එහෙම මුණ ගැහුණ අවස්ථාව තියෙනවා. මෑතකදී නම් මුණ ගැහුණේ නැහැ.

ඔබ කණ්ඩායමක් නම් කරනවා නම් කවුද ඔබේ ක්‍රීඩකයෝ එකළොස් දෙනා?

දසුන් ශානක නායකයා. චරිත අසලංක, පැතුම් නිශ්ශංක, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්ඳු, භානුක රාජපක්ෂ, වනිදු හසරංග, දුෂ්මන්ත් චමිර, චාමික කරුණාරත්න, මහේෂ් තික්ෂණ, අකිල ධනංජය.

ඉෂන් කිශන්, වනිඳු හසංරග, රශිඩ් ඛාන් අතරින් කඩවසම් කවුද?

වනිඳු හසරංග, මම හිතන්නේ අනිත් දෙන්නාටම වඩා වනිඳුට කඩවසම් පෙනුමක් තියෙනවා කියලා.

බුද්ධික සේනාධිර