කලා ක්ෂේත්‍රය තුළ හරි විදිහට ඉදිරියට යන්න මම උත්සාහ කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2023 දෙරණ අවුරුදු කුමරිය තරගයේ අවසන් තරගකාරියන් අතර සිටි ආදිත්‍යා දෙව්මිණිට මෙවර අප සාරවිට තුළින් ඉඩක් වෙන් කළා. ගීත රූප රචනා රාශියක මේ වනවිට දකින්නට ලැබුණ ආදිත්‍යා කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නටද සිහින දකිමින් සිටියි. මේ දිග හැරෙන්න ආදිත්‍යාගේ කතාවයි.

ආදිත්‍යා කියන්නේ කවුද?

ආදිත්‍යා කියන්නේ ‍රංගනය, නර්තනය වගේම නිරූපණය තුළින් හරි විදිහට ඉදිරියට යන උත්සාහ කරමින් සිටින කෙනෙක්.

මෙවර රුපවාහිනි නාළිකාවක අවුරුදු කුමරිය තරගයක අපි ඔබව දුටුවා?

ඔව්, ඒ දෙරණ අවුරුදු කුමරිය තරගයේ. ඒ තරගයට අයදුම් කළේ මගේ හොඳම යාළුවෙක් වුණ ශානු අයියා. මම හිතන්නේ මේ තරගයට තරගකාරියන් දසදහසකට අධික ප්‍රමාණයක් අයදුම් කරලා තිබුණා. මුලින්ම ඒ පිරිස අතරින්  අවසන් 250 අතරට තෙරෙන්න ලැබුණා. හැබැයි මම හීනෙන්වත් හිතුවේ අවසන් 12 දෙනා අතරට මාව තෙරෙයි කියලා. මොකද, අවසන් තරගවට වලින් වයසින් අඩුම තරගකාරිය විදිහට හිටියේ මම නිසා.  ඒත් වාසනාවට මාව අවසන් තරගකාරියන් 12 අතරට තේරුණා. ඒ ඇවිල්ලාත් මට හැකි වුණා  සුන්දර වරලස කියන මිණි කිරූළ දිනාගන්න.

අවුරුදු කුමරිය තරගයට එන්න කළින් ඔබ කලා කටයුතුවල නිරත වෙලා හිටියද?

ඔව් ඊට කළින් මම කලා ක්ෂේත්‍රයේ වැඩ කිහිපයකටම වගේ සම්බන්ධ වුණා.  මුලින්ම දායක වුණ මියුසික් වීඩියෝ එක තමයි "ආදර මැණිකේ". ඒ ගීතයෙන් පස්සසේ .M.G.දනුශ්ක අයියගේ "සුදු හංසි" ගීතයට දායක වුණා. තව පොඩ්ඩා සහ ටිංකිරි කියලා JNK සහ MONIYO රැප් ආටිස්ලා දෙන්නගේ වීඩියෝස් දෙකකට සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ රැප් දෙකම දවසින් වගේ Trending 1 වුණා. තව "Chand Nikla" කියලා වීඩියෝ එකක් කළා. මම අන්තිමට එකතු වුණේ "මතකය විතරයි" කියන ගීත රූප රචනාවට. ඊට අමතරව මම වෙළෙඳ දැන්වීම් සහ ප්‍රසිද්ධ පුවත්පත් රැසක මුල් කවර සඳහාත් සම්බන්ධ වෙලා තියෙනවා.

කලාව වෘත්තියක් විදිහට තෝරගන්න කැමතිද?

ඔව්. ඇත්තටම කැමතියි.පොඩි කාළේ ඉදන්ම තියෙන ආසාවක් තමයි කලාවට සම්බන්ධ වෙන එක. ඉතින් මම හිතනවා ඉදිරියටත් කලාව සමග හරි විදියට ඉදිරියට යන්න මම.

අවුරුදු කුමරි තරගවල සම්බන්ධ වුණ බොහෝ අය දැන් කලාවට එකතු වෙනවා?

ඔව්. කලාවට සම්බන්ධ වෙනවා කියන්නෙම ලොකු කැපවීමක් තිබිය යුතුයි කියන අදහසේ මම ඉන්නවා. මට දෙරණ නාලිකාවෙන් ආරාධනා කලා ඔවුන්ගේ වැඩසටහන් කිහිපයකටම එකතු වෙන්න කියලා. ඉදිරියේදීත් දෙරණ නාලිකාව හරහා මාව දකින්න ලැබෙයි කියලා මම හිතනවා.

යාළුවෝ ආදිත්‍යාගේ ලස්සනයි කියන්නේම මොනවද?

එහෙම එකක් කියලා නෑ. සමහරු කියනවා මගේ ඇස් දෙක ලස්සනයි කියලා. තව සමහර අය කියනවා හිනාව ලස්සනයි කියලා. හැබයි ගොඩක්ම පිරිමි ළමයි නම් කියන්නේ මට ලස්සන කොණ්ඩයක් තියෙනවා කියලා. මට නම් ඉතින් මගේ මුළු ඇඟම ලස්සනයි.

මතක් කරන්නම ඕනා පිරිසකුත් ඇති?

ඔව් ඇත්තටම උදව් කරපු අය ගොඩක් ඉන්නවා. මුලින්ම නිරූපණයට සම්බන්ධ වෙන්න මගේ මුල්ම ඡායාරූප ටික කළේ අම්බලන්ගොඩ යසිත් සාරංග අයියා. 2020 වසරේදී තමා ඒක කළේ. එතැනින් පස්සෙ මට අද වෙනකම්ම වැඩ ලැබුණා කරන්න. දිනේස්කා අමාලි අක්කා මට හැමදාම උදව් කරනවා මගේ සහෝදරියක් වගේ. ඉතින් නම් වශයෙන් කියන්න බෑ ගොඩක් අය ඉන්නවා මට උදව් කරපු. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි කියනවා.

බුද්ධික සේනාධීර