පුංචි කාලේ තිබුණ හීනය අද සැබෑ වෙලා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර ගණනාවක් තිස්සේ නිරූපිකාවක් ලෙස කටයුතු කරන රොෂනි කෞශල්‍යාට මෙවර අපි සාරවිට තරු කතා බහට මෙසේ සම්බන්ධ කර ගත්තේමු. රොෂනි කාලයක සිට විදෙස් රටක ජිවත්වෙන අතර, ඇය මේ දිනවල යළිත් ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

දැන් කාලයක් වෙනවා නේද ඔබ නිරූපිකාවක් විදිහට වැඩ කරන්න අරගෙන?

ඔව්, නිරූපණ ක්ෂේත්‍රයට මම සම්බන්ධ වුණේ 2015 වසරේ. ඒ මනාලියක් ලෙස හැඩවෙමින් මම විලාසිතා දැක්මකට සහභාගි වුණා. එදා ආසවක් ඇතිවුණා නිරූපිකාවක් විදිහට වැඩ කරන්න. ඊට පස්සේ රොසැන් ඩයස් මහත්මියගේ නිරූපණ ඇකඩමියකට සම්බන්ධ වෙලා ඒ පිළිබඳව ඉගෙන ගත්තා. ඊට පස්සේ තමයි හරි විදිහට නිරූපණ වැඩවලට යොමු වෙන්න ගත්තේ.

පොඩි කලේ හීනේ වුණෙත් මේකද රොෂනිගේ?

ඇත්තටම ඔව්, පොඩි කාලේ හැමෝගේම හීන තියෙනවා නේ. මම වෛද්‍යවරයෙක් වෙනවා මම ගුරුවරයෙක් වෙනවා කියලා. ඒත්, මගේ හීනේ වෙලා තිබුණේ නිරූපිකාවක් විදිහට වැඩ කරන්න. එදා ඇතිවුණ හිනේ අද වෙන කොට සැබෑ වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි ඒ ගැන.

වසර ගණනාවක් එකදිගට ඔබ මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරලා තියෙනවා. තෘප්තිමත් ඒ කාලය ගැන?

ඔව්, අනිවාර්යයෙන්ම තෘප්තිමත්. මොකද, අද මම ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි. නිරූපණ ක්ෂේත්‍රය තුළ මම අද ඉහළම තැනකට ඇවිල්ලා තියෙනවා කියලා මට හිතෙනවා.

නිරූපණයට සම්බන්ධ වුණ බොහෝ දෙනෙක් ඊළඟට අනුමන කරන්නේ රංගනයට යොමු වෙන්න?

දැන් ඉන්න ගොඩක් නිරූපිකාවේ මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නම රංගනයට පැත්තට යොමු වෙන්න හිතගෙන තමයි. නමුත්, මම දකින විදිහට ඔවුන්ට කිසි දැනුමක් අධ්‍යයනයක් නැහැ. යම් ක්ෂේත්‍රයක වැඩ කරද්දි ඒ පිළිබඳව දැනුමක් ඕනා.  ඇත්තටම මගේ නම් බලාපොරොත්තුවක් නැහැ රංගනය පැත්තට යොමු වෙන්න.

ඒ කියන්නේ නිරූපණය ගැන ඔබට හොඳ දැනුමක් තියෙනවා කියන ඒකද?

ඔව්, මා මුලින්ම සඳහන් කළා වගේ මම නිරූපණය ක්ෂේත්‍රයට ආවේ රොසැන් ඩයස් මහත්මියගෙන් ඉගෙන ගෙන. මේ ගෙවුණු කාලය තුළ ඒ හැදෑරිම් ඇත්තටම මගේ නිරූපණ දිවියට ගොඩක් ප්‍රයෝජනවත් වුණා කිව්වොත් හරි.

ඔබ දැන් විදෙස් රටක ජිවත් වෙන්නේ. එය ඔබගේ නිරූපණ කටයුතුවලට බාධාවක්ද?

නැහැ. මේක මට අලුත් අත්දැකිමක්. මම දැනට දෝහා කටාර්වල ජිවත් වෙන්නේ. එහිදිත් මම නිරූපණ කටයුතු සිදු කරනවා.

දෝහා හා ලංකාවේ නිරූපණ ක්ෂේත්‍ර ඔබ දකින්නේ කොහොමද?

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයට ගොඩක් අය එන්නේ විවිධ අරමුණ ඉටු කර ගන්න. නමුත්, මේ රටේ නිරූපණය හදාරන කෙනෙකුට ලෙකු ගෞරවයක් හා පිළිගැනිමක් තියෙනවා. ඒ වගේම කරන වැඩේට හොඳ සාධාරණ ගෙවිමකුත් මේ රටේදි කරනවා.

ලංකාවට ආයේ ඇවිල්ලා නිරූපණ වැඩ කරන්න රොෂනිගේ අදහසක් නැද්ද?

ඒ ගැන නම් තවමත් මම හිතමින් ඉන්නවා.

ලංකාවේ ගොඩක් අය දැන් විදෙස් රටවලට ගිහිල්ලා නිරූපණ වැඩවලට සම්බන්ධ වෙනවා. ඒ ඇයි?

ලංකාවේ දැන් තියෙන නිරූපණ ක්ෂේත්‍රය ගැන විවිධ මත තියෙනවා. දැන් එක එන්න එන්නම අගාධයකට යන නිසා බොහෝ දක්ෂයෝ විදෙස් ගත වෙලා ඒ රටවල තමන්ගේ නිරූපණ දක්ෂතා ඉදිරිපත් කරනවා පාර හදගෙන තියෙනවා.

ලංකාවේ දැන් තියෙන නිරූපණ ක්ෂේත්‍රය දෙස බොහෝ දෙනෙක් බලන්නේ වැරදි කෝණයකින්?

ඔව්, අනිවර්යයෙන්ම නිරූපිකාවකට තියෙන නිසි ගෞරවය සහ පිළිගැනීම ලංකවේ අද වෙන කොට නැහැ. ඒක වෙලා තියෙන්නේ අද පැමිණෙන අලුත් නිරූපිකාවන් නිසි අධ්‍යයනයක් නොමැති වීම කියලයි මම හිතන්නේ. ඒ වගේම ඒ අයගේ තියෙන්නේ වෙන අරමුණු හා බලාපෙරොත්තු. ඒ නිසා අද වෙන කොට බොහෝ දෙනෙකු මේ ක්ෂේත්‍රය දිහා බලන්නේ වැරදි වැටහිමකින්.

බුද්ධික සේනාධීර