‘ස්වර්ණ කුමරි’ තරගයේ අවසන් වටයට තෙරෙයි කියලා මම හිතුවේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ස්වර්ණවාහිනි රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ ‘ස්වර්ණ කුමරිය’ තරගයේ අවසන් වටයට පැමිණි ඉමේෂා සේනානායක සමගින් මෙවර ‘සාරවිට’ තරු කතා බහා දිග හරින්නට මෙසේ අපි සූදානම් වුණේමු.

මෙම තරගයට සම්බන්ධ වුණේ කොහොමද?

ඇත්තටම මේ තරගයට මාව යොමු කරන්න මගේ මල්ලි තමා මටත් වඩා උනන්ඳු වුණේ. එයාගේ ඉල්ලිම මත තමයි මම මේ තරගයට අයදුම් කළේ. තරගයට ආපු අයදුම්පත් අතරින් මුලින්ම 50ක් තේරුවා. ඒ ගොඩට මාව මුලින්ම ඇතුළත් වුණා. ඊට පස්සේ 20ක් හා 12ක් විදිහට තෝරගත්තා. අවසන් තරග වටයේදී මට ලැබුණේ 08 වැනි තැන.

විශාල තරගකාරියන් පිරිසක් අතරින් ඔබට අවසන් වටය දක්වා ඒමට හැකිවෙයි කියලා හිතුවද?

ඇත්තටම නැහැ. මොකද එහෙම අවසන් වටය තෙක් එයි කියන බලාපොරොත්තුවකින් මේ තරගයට මම ආවේ නැහැ. අනික තරගය ගැන කිසිම පෙර සුදානමක් මට තිබුණෙත් නැහැ. කොහොම හරි වාසනාවකට මාව අවසන් තරගකාරියන් අතරට එන්න අවස්ථා ලැබුණා.

මීට කලින් ඔබ මෙවැනි තරගවලට ඉදිරිපත් වෙල තියෙනවද?

නැ මිට කලින් මෙවැනි තරග සඳහා මම සහභාගි වෙලා නැහැ. හැබැයි පාසලේ, විශ්වවිද්‍යාලයේ මම අවුරුදු කුමරි තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ අරගෙන තියෙනවා.

මෙවැනි තරගයකට ඉදිරිපත් වුණ බොහෝ අයගේ මිලඟ ඉලක්කය කලාවට එකතු වෙන එක?

ඔව්. මගෙත් අදහසක් තියෙනවා කලාව පැත්තට යොමු වෙන්න. හැබැයි හොඳ නිර්මාණවලට. ගුණාත්මක බවින් වැඩි හොඳ නිර්මාණයකට කතා කළොත් අනිවාර්යයෙන්ම මම එකට සම්බන්ධ වෙනවා. 

රඟපාන්නද ආස? නිරූපණයට ආසද?

දෙකටම ආසයි. තෙරේන කාලේ ඉඳලා ටෙලි නාට්‍යය, චිත්‍රපට බලනවා. ඉතින් ඒ බලන කොට හිතෙනවා නිළියක් වෙන්න තියෙනවා නම් කියලා. ඉතින් තෙරේන කාලේ ඉඳලා තිබුණ ඒ අදහස තාමත් මට තියෙනවා. බලමු ඉදිරියට..

කලා කටයුතුවලට ආරාධනා ලැබිලා නැද්ද?

තියෙනවා. දැනට කිහිපයකට සම්බන්ධ වෙලාත් තියෙනවා. ඉදිරියේදි ඒ ගැන තොරතුරු කියන්නම් මම.

මේ අපු ගමනට උදව් කරපු අයත් ඇති?

මුලින්ම මතක් කරන්න ඕනා මගේ අම්මා. ඇය තමයි හැම වෙලාවේම මගේ ලඟින්ම ඉන්නේ. ඊට පස්සේ මල්ලි. මල්ලි තමයි මව අවුරුදු කුමරි තරගයට යන්න මුලික වුණේ. ඒ වගේම සාරංග පතිරණ අයියාවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. නම් කියූ නොකියූ බොහෝ දෙනෙක් මට උදව් කරල තියෙනවා. ඒ හැමෝටම ගොඩක් තැන්ක්ස්.

බුද්ධික සේනාධිර