ඇඳුම්වලට මම ලොකුවට වියදම් කරන කෙනෙක් නෙමෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ශිල්පිණියක් මෙන්ම රංගන ශිල්පිණියක් ලෙසද වර්තමානයේ කටයුතු කරන මනිෂා කන්දේකුඹුර විලාසිතාවලටද දක්වන්නේ ඉමහත් කැමැත්තකි. මේ නිසාම අපි මෙවර ඇයගෙන් විලාසිතා පිළිබඳව ප්‍රශ්න කිහිපයක් යොමු කළා. මේ මනිෂා ඊට දැක්වූ ප්‍රතිචාරයන්.

විලාසිතාවලට ඔබේ තියෙන කැමැත්ත කොහොමද?

විලාසිතා කරන්න මම ගොඩක් කැමති කෙනෙක්. හැබැයි මම විලාසිතා කරන්න කැමති අවශ්‍ය තැනට අවශ්‍ය මොහොතට අනුවයි. ඒ වගේම කරන විලාසිතාව මට ගැළපෙන්නත් ඕනා. මම අලුත් අලුත් විලාසිතා නිතරම වගේ අත්හදා බලන කෙනෙක් කිව්වොත් හරි.

විලාසිතාවලට කොපමණ මුදලක් මාසිකව වියදම් කරනවාද ඔබ?

එහෙම මෙච්චර මුදලක් කියලා මට කියන්න බැහැ. අතේ තියෙනවා නම් යම් මුදල් ප්‍රමාණයක් ඊට සරිලන විදිහට විලාසිතා කරනවා. දෙයක් කියන්න ඕනා ලොකුවට නම් මම ඇඳුම් පැළඳුම්වලට වියදම් කරන කෙනෙක් නෙවෙයි.

යම් ඇඳුමක් මිළඳි ගන්නවා නම් එය කොපමණ කලයක් පාවිච්චි කරනවාද?

ගන්න ඇඳුම් ගොඩක් කල් මම පාවිච්චි කරනව. සමහර වෙලාවට ඇඳුමට තියෙන කැමැත්ත නිසාම පරණ වුණත් ඒ ඇඳුම් ගෙදරට හරි අඳිනවා.

ඇඳුමක් වගේ මිළඳි ගන්නවා නම් මුලින්ම ඔබ බලන්නේ එහි වටිනාකමද නැත්නම් ලස්සනද?

මුලින්ම බලන්නේ නම් මට ඒ ගන්න ඇඳුම ලස්සනයිද කියලා. ඊළගට බලන්නේ ඒ ඇඳුමේ මිල කියද කියලා. මොකද, ඇඳුම කොච්චර ලස්සන වුණත් සල්ලි අතේ ඇති ගාණටනේ මම ඇදුම ගන්න ඕනා නිසා.

නිතරම ඇඳුම් ගන්න තැනක් තියෙනවාද ඔබට?

එහෙම විශේෂයක් නැහැ. ගොඩක් තැන්වලින් මම ඇඳුම් ගන්නවා. ලස්සන ඇදුමක් දැක්කොත් තැන මට අදාලම නැහැ ඒක මම මිළඳි ගන්නවා.

ඇඳුම් ගන්න වැඩිපුරම යන්නේ කාත් එක්කද?

ගොඩක් වෙලාවට තනියම තමයි යන්නේ. මොකද, එතකොට මට මගේම හිතට ගැළපෙන ඇඳුමක් මිළඳි ගන්න පුළුවන්. සමහර අවස්ථාවල යාළුවොත් එක්කත් ඇඳුම් ගන්න යනවා.

යාළුවොත් එක්ක විලාසිතා ගැන කතා කරනවාද?

ඔව්, ගැණු අපි කතා කරන්න කැමතිම මාතෘකාවක්නේ ඕක. යාළුවෝ අපි ඇදුම් හුවමාරු කරගන්න අවස්ථාත් තියෙනවා ගොඩක් වෙලාවට.

ඔබ වඩාත් අඳින්න කැමති ඇඳුම මොකක්ද?

මට ගැළපෙනවා කියලා හිතෙන හැම ඇඳුමක්ම මම ඉතම ආසාවෙන් අඳිනවා. අදින්න වැඩියෙන්ම කැමති ඇඳුමක් කිව්වොත් මම ෆොර්ක්ස් ඇඳුම් අදිනවා ගොඩක් වෙලාවට.

බුද්ධික සේනාධීර