ජිවිතේටම දෙන්නයි මට ආදරේයි කිව්වේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ දුටු තාර්යා කෙනඩි මේ දිනවලද විවිධ කලා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ඔබට දකින්නට පුළුවන්ය. නිතරම ඇය ගැන කලා කටයුතු හා පෞද්ගලික තෙරතුරු විමසන නිසම සාරවිට අපි මෙවර වෙනස්ම විදිහේ ප්‍රශ්නය කිහිපයක් තර්යාට යොමු කළා. මේ ඇය ඊට දැක්වූ ප්‍රතිචාරයන්..

තාර්යා කියන්නේ මොන වගේ කෙනෙක්ද?

මම ගොඩක් අහිංසක සාමාන්‍ය විදියට වෘත්තිය වැඩ කරගෙන ඉන්න සරළ කෙනෙක්. කොටින්ම කිව්වොත් තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන අනුන්ට කරදරයක් නොවි ජිවත් වෙන කෙනෙක්.

කලා කටයුතුවලට අමතරව ඔබ තව දක්ෂ මොනවටද?

මම හිතන්නෙ මම නිරූපණයට රංගනයට අමතරව මනෝවිද්‍යාවට දක්ෂයි කියලා.

ක්‍රීඩාවටත් ඔබ කැමති කෙනෙක්. කවුද ඔබේ ප්‍රියතම ක්‍රීඩකයා?

මම චාමික කරුණාරත්නට කැමතියි. මොකද, ඔහු ක්‍රීඩා පිටියේ ක්‍රියාශීලීව ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ වගේම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩක් කැපවීමෙන් ක්‍රීඩා කරන කෙනෙක්.

මේ දිනවල වැඩිපුරම අහන ගීතය මොකක්ද?

පියත් රාජපක්ෂගේ දවසක් ඒවි කියන ගීතය. ඒ ගීතයට කැමති වෙන්න හේතුව පියත්ගේ හඬ. ගීතයට එකතු කරලා තියෙන පද රචනාව වගේම ගී තනුව සංගීතය හරිම සිත්ගන්නා සුළු නිසා.

බලපු හොඳම චිත්‍රපටය මතකද?

ඔව් මතකයි. සුනිල් ආරියරත්න සර්ගෙ බිම්මාදේවි හෙවත් යශෝදරා චිත්‍රපටය. ඇත්තටම ඒ චිත්‍රපටයේ සංවේදී අවස්ථා කිහිපයක්ම තියෙනවා හිතට තදින්ම දැනෙන.

ජිවිතේ දුක හිතුණ අවස්ථා නැද්ද?

දුක හිතිලා තියනවා. පළවෙනි ආදර සම්බන්ධය නැති වුණ වෙලාවෙ.

රඟපාන්න ආසම නළුවෙක් ඉන්නවාද?

ඔව්. මම මෙතෙක් රඟපාපු හැම නළුවෙක්ම මට විශේෂයි. ඒ හැම කෙනෙක් එක්කම මම රඟපාන්න කැමතියි. ඒ අතරින් මට මෙතෙක් එකට රංගනයේ යෙදෙන්න බැරි වුණ ප්‍රවීණයෙක් සහ චිත්‍රපට ක්ෂේත්‍රය ඉදිරියෙන්ම ඉන්න නළුවෙක් තමයි හේමාල් රණසිංහ කියන්නේ. ඉතින් හේමාල් අයියාත් එක්ක කවදහරි එකට රඟපාන්න කැමතියි මම.

තාර්යාට හිතෙන විදිහට ඔබගේ සිරුරේ ලස්සනම මොන අවයවයද?

මම හිතන විදියට මගේ මූණ ලස්සනයි. ගොඩක් අය කියනවා තව මගේ හිනාවත් ලස්සනයි කියලා.

දැනට කී දෙනෙක් විතර තාර්යාට ආදරේ කියලා තියෙනවද?

ගොඩක් කට්ටිය නම් නැහැ. දැනට දෙන්නෙක් විතර වගේ ආදරේ කියලා තියෙනවා. ඊට වඩා මම බලාපොරොත්තු වෙන්නෙත් නෑ.

බුද්ධීක සේනාධීර