නිරූපණය පැත්තට යොමු වෙන්න අවස්ථාව ලැබුණේ මට අහම්බෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණයට නවකයෙක් වෙන බුද්ධිකා දිසානායක සමගින් මෙවර අපි සාරවිට තරු කතා බහා අරඹන්නට අපි බලාපෙරොත්තු වුණේමු. දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලය මූල්‍ය හා ගිණුම්කරණ අවසන් වසරේ උපාධි අපේක්ෂිකාවක් වන ඇය කලා ක්ෂේත්‍රය හරහා ඉදිරියට යන්න බලාපෙරොත්තුවෙන් සිටියි.

නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහෙමද?

මගේ පළවෙනි පොටෝ ෂුට් එක කළේ 2019 වසරේදී. රම්‍යා රත්නායක ආන්ටි තමයි පලවෙනි මට බ්‍රයිඩල් ෂෝ එකට කතා කරලා ෆොටෝ ෂුට් එක කරන්න උදව් කළේ. එතැනින් පස්සේ තමයි නිරූපණ කටයුතු කරන්න දිගටම පටන් ගත්තේ.

නිරූපණයට කැමැත්තක් තිබුණාද ඔබට?

ආසාවක්.. කැමැත්තක්.. තිබුණා. හැබැයි අවස්ථාවක් හම්බ වෙයි කියලා නම් හිනෙකින්වත් හිතුවේ නැහැ. මේක මට අහම්බෙන් ලැබුණ අවස්ථාවක් කිව්වොත් හරි.

වර්තමානයේ පවතින නිරූපණ ක්ෂේත්‍රය ගැන ඔබ දරණ මතය මොන වගේද?

ෆීල්ඩ් එක ගැන සමාජෙ නම් තියෙන්න එක එක මත. හැබැයි මට හිතෙන විදිහට තමන් හරියට ඉන්නවා නම් මොන ෆීල්ඩ් එකත් හොඳයි. අපි දැනගන්න ඕනා මේ ක්ෂේත්‍ර වලදී වැඩ කරන විදිහ. හොඳ විදිහට ගියොත් සාර්ථක ගමනක් යන්න පුළුවන්.

නිරූපණ වැඩවලට විතරද ඔබ දායක වුණේ?

නැහැ, Cinemax production එකත් එක්ක වරුණ ප්‍රේමචන්ද්‍ර අයියා කරපු centigradz mashup cover එකකට දායක වුණා. ඒක හොඳ අත්දැකිමක්. ඉදිරියටත් එවැනි දේවල්වලට යොමු වෙන්න අදහස් තියෙනවා මගේ. 

නිරූපිකාවකට අද පිළිගැනීමක් තියෙනවාද?

ඇත්තටම හොඳ පිළිගැනීමක් තියෙනවා. තමන්ගේ පිළිගැනීම හදාගන්නේ තමන්මයි. සමහරු විහින් ඒ පිළිගැනීම නැති කර ගන්නවා. ඒත් සමහරු මිනිස්සු අතරේ හරි ලස්සනට ඉන්නවා. මාත් ඒ වගේ හොඳ පිළිගැනීමක් මිනිස්සු අතරේ තියාගන්න කැමතියි. 

නිරූපණය කියන්නේ ඔබගේ වෘත්තියද?

නැහැ. මම දැනට මූල්‍ය හා ගිණුම්කරණ උපාධිය හදාරන අවසන් වසරේ උපාධි අපේක්ෂිකාවක්. ඉදිරියට ඉගෙන ගත්ත ක්ෂේත්‍රය පැත්තෙන් වෘත්තියක් කරන්න අදහසක් තියෙනවා. ඒ අතරේ රැකියාවක් කරන ගමන් හොඳ නිර්මාණ වලට දායක වෙන්න තමයි මගේ නම් අදහස තියෙන්නේ.

උදව් කරපු අය ගැනත් අපි කියමු?

සනුරි උදේශිකා අක්කා, දිලංක මධුසංඛ, රම්‍යා රත්නායක ආන්ටි, සුබෝධනී මධුවන්ති මිස්, සිදන්ත ජයසුන්දර අයියා, නිරෝ රණසිංහ අක්කි වගේම තව බොහෝ පිරිසක් මට මේ ගමන සඳහා උදව් කරා. නම් සඳහන් කළ හා නොකළ ඒ හැමෝටම ස්තූතියි.

බුද්ධික සේනාධීර