වැඩියෙන්ම මම අදින්න කැමති ටි ෂර්ට් තමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘මතකද මාව’ ගීතය හරහා අදටද ජනප්‍රියව සිටින මධුංකා නශාලි සමගින් මෙවර අපි කතා බහ කළේමු. නිතරම පෞද්ගලික හා කලා තොරතුරු විමසන නිසාවෙන් මෙවර අපි ඇයගේ අවධානය යොමු කළේ විලාසිතා පිළිබඳව මධුංකාගේ කැමැත්ත සොයා බලන්නටය.

විලාසිතාවලට ඔබේ තියෙන කැමැත්ත කොහොමද?

විලාසිතා වලට කාන්තාවන් කොහොමත් කැමතී. මමත් මගේම විදියට විලාසිතා කරනවා. ගොඩක් සිම්පල් විදියට තමයි මම විලාසිතා  කරන්නේ. කාලෙන් කලේට එන හැම විලාසිතාවක්ම මම භාරගන්නේ නැහැ. මට ගැළපෙනවා කියලා හිතෙන විලාසිතා මම කරනවා. 

විලාසිතාවලට කොපමණ වියදම් කරනවාද

ලොකුවට වියදම් කරන්නේ නෑ මම. සාමාන්‍ය විදියට තමයි. හැබැයි ඇදුම් ගන්නේ හොඳට බලලා. වියදම කොහොම වුණත් මම බලන්නේ ගන්න ඇඳුම මට ගැළපෙනවද කියලා.

ගන්න ඇඳුම් කොපමණ කල් අඳිනවද?

ගන්න ඇඳුම් ගොඩක් කල් අඳින්නවා සමහර ඇඳුම් තියෙනවා ගත්තා විතරයි තවමත් ඇඳලාවත් නැති ඒවා.

ඇඳුමක් ගනිද්දි මුලින්ම බලන්නේ ලස්සනද? නැත්නම් එහි වටිනාකමද?

මට ගැළපෙනවද කියලා බලලා තමයි මම මුලින්ම බලන්නේ. මගේ විලාසිතාවට ගැළපෙනවා නම් ඒ ඇඳුම මම ගන්නවා මිල කිය වුණත්.

නිතර ඇඳුම් ගන්න යන තැනක් තියෙනවාද?

ඔව්, තැන් කිහිපයක්ම තියෙනවා. නිතරම ඇදුම් ගන්න යන්නේ ඒ තැන්වලට තමයි මම.

ඇඳුම් ගන්න යන්නේ කාත් එක්කද?

ගොඩක් වෙලාවට යාලුවෙක් එක්ක. එහෙම නැත්නම් මගේ අක්කලා එක්ක

යාළුවෝ, ගෙදර අය එක්ක විලාසිතා ගැන කතා කරනවාද?

ඔව්. යාළුවන්ටත් වඩා ගොඩක් වෙලාවට මගේ අක්කලත් එක්ක තමයි. ඒ අයගේ ඇඳුම් මගේ ඇදුම් මාරු කරලා අඳින අවස්ථාත් තියෙනවා ඉතින්.

අඳින්න වැඩියෙන්ම කැමති ඇඳුම මොකක්ද?

වැඩියෙන්ම කැමති ටී ෂර්ට් ඇන්ඩ් ට්‍රවුසර් එක අඳින්න.

බුද්ධික සේනාධීර