ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ආදර යෝජනාවක් ආවොත් බාරගන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නර්තනයට දක්ෂ සනුල්‍යා දංදෙණිය වර්තමානයේ කොයිකාගෙත් ආදරය දිනා සිටින්නේ රංගන ශිල්පිනියක් විදිහටය. මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයකින්ම දකින ඇය ක්‍රිකට් ක්‍රීඩාවටද දක්වන්නේ ඉමහත් කැමැත්තක්. මේ නිසාම ඇයට අපි ක්‍රිකට් ගැන ප්‍රශ්න කිහිපයක් මෙසේ යොමු කළා.

ක්‍රිකට්වලට ඔබේ ඇති කැමැත්ත මොන වගේද?

ක්‍රිකට් වලට ගොඩක් කැමැතියි. හැබැයි ඒ ආසාව කැමැත්ත මට ඇතිවුණේ මෑතක ඉඳලා කිව්වොත් හරි.

ක්‍රිකට්වලට අමතරව ඔබ කැමති වෙනත් ක්‍රීඩා තියෙනවද?

ක්‍රිකට් හැරුණාම මම ගොඩක් කැමති ක්‍රීඩාවක් තමයි පාපන්දු. නිතරම වගේ පාපන්දු තරගත් මම නරඹනවා.

කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?

ක්‍රිකට්වලට කැමැත්ත ඇතිවුණ දවස්වල නම් මම ගොඩක් ආස කුමාර් සංගක්කාරට. ඊට පස්සේ ලසිත් මාලිංගට. දැන් නම් මම ගොඩක් කැමතියි වනිඳු හසංරගට. එයාට කැමති වෙන්න හේතුව තමයි වනිඳු කියන්නේ දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න තරුවක් නිසා. ඒ වගේම හැම තරගයකදි එය දක්ෂතා අතරට එනවා. ලෝක විස්සයි 20 ශ්‍රේණිගත කිරිම්වල මුලින්ම ඉන්න ක්‍රීඩකයෙක් වනිදු කියන්නේ.

නරඹපු හොඳම ක්‍රිකට් තරගය කුමක්ද?

අන්තිමට තිබුණ ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක්ම මම සජිවිව ගිහින් නැරඹුවා. ඒ තරග කිහිපය තමයි ගොඩක්ම මගේ සිත් ගත්තේ.

ක්‍රිකට් ක්‍රීඩකයන් පෞද්ගලිකව මුණගැහිලා තියෙනවද?

පුද්ගලිකව මුණ ගැහිලා නැහැ. හැබැයි මම ඒ අයට කෙටි පණිවිඩ යවලා තියෙනවා. තාම පෞද්ගලිකව මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ආදර යේජනාවක් ආවොත්?

ආදර යෝජනාවක් අවොත් භාරගන්නවා. හැබැයි ක්‍රිකට් ක්‍රීඩකයෙකු විදිහට නෙවෙයි. එත්, ඉතින් මගේ ලොකු කැමැත්තකුත් නැහැ.

කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයන්ගෙන් කඩවසම් කෙනා කවුද?

මට නම් ධනුෂ්ක ගුණතිලක ලස්සනයි. 

බුද්ධික සේනාධීර