ඇඳුමක් ගන්නවා නම් මම මුලින්ම බලන්නේ ලස්සන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි නදිෂා දයාරත්න මේ වනවිට බොහෝ පිරිසකගේ ආදරය දිනා සිටින්නේ යොවුන් ගායිකාවක් විදිහටය. කලා හා පෞද්ගලික තොරතුරු නිතරම  නදිෂාගෙන් අප විමසන නිසාම මෙවර වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක් යොමු කළා. මේ ඇය ඊට දැක්වූ ප්‍රතිචාරයන්..

විලාසිතාවලට ඔබේ තියෙන කැමැත්ත කොහොමද?

විලාසිතා කරන්න කැමති. හැබැයි කාලෙන් කාලේට එන හැම විලාසිතාවක්ම කරන්නේ නැහැ. මට ගැළපෙනවා කියලා හිතෙන විලාසිතා පමණක් තෝරගෙන මම කරනවා.

විලාසිතාවලට මාසිකව වියදම් කරන මුදලක් තියෙනවද?

නැහැ එහෙම මුදලක් මට හරියටම කියන්න බැහැ.ඇදුමක් දැක්කොත් ඒක ගන්නවා ඇරෙන්නේ මාසේකට මෙච්චර මුදලක් ඇඳුම් හා අනෙකුත් විලසිතාවලට වියදම් කරනවා කියලා කියන්න බැහැ. අනික දැන් ඔන්ලයින් ක්‍රමයට ඇඳුම් ගන්න පුළුවන් නිසා එහෙම ලොකු මුදලක් මම ඇඳුම්වලට වියදම් කරන්නේ නැහැ.

මිළඳි ගන්න ඇඳුම කොපමණ කාලයක් පාවිච්චි කරනවද?

සිරුරේ හැඩයත් එක්ක තමයි ඒක තිරණය වෙන්නේ. අනික් දේ තමයි ඇඳුමේ තත්ත්වය අනුව ඒක දිගු කාලයක්ද කෙටි කාලයක්ද අඳින්නේ කියලා තිරණය වෙනවා. හැබැයි ආසම කරන ඇඳුමක් නම් ඒක ගෙදරට හරි මම අඳිනවා පුළුවන් කාලයක්. 

ඇඳුමක් මිළඳි ගනිද්දි මුලින්ම බලන්නේ වටිනාකමද නැත්නම් ලස්සනද?

මම නම් මුලින්ම බලන්නේ ලස්සන. ඊට පස්සේ තමයි එහි වටිනාකම බලන්නේ. මට දරන්න පුළුවන් ගණක් නම් මම ඒ ඇඳුම අනිවාර්යයෙන්ම ගන්නවා.

නිතර ඇඳුම් මිළඳි ගන්න තැන් තියෙනවාද ඔබට?

එහෙම තැනක් නැහැ. හැබැයි එක තැනක් තිබුණා මම ඇඳුම් ගන්න. නිතර එතැනින් යනකොට ඇඳුම් ගන්නවා. ඒත්, දැන් කාලයකින් ගියේ නැහැ එතැනට. මොකද, ඔන්ලයින් ඇඳුම් ගන්න පුළුවන් නිසා. දැන් නම් මම ගොඩක් වෙලාවට කරන්නේ ඔන්ලයින් ඇදුම් ඕඩර් කරන එක තමා.

ඇඳුම් ගන්න යන්නේ කා සමගද ඔබ?

ඇදුමක් නම් ගන්න ගියේ නැහැ ගොඩ කාලේකින්. අර මම කලින් කිව්වා වගේ දැන් මම ගොඩක් වෙලාවට කරන්නේ ඇඳුම් ඔන්ලයින් ඕඩර් කරන එක. හැබැයි ඇඳුමක් ගන්න ගියොත් බෙහෝදුරට යන්නේ මගේ සැමියාත් එක්ක තමා.

යාළුවෝ සමග නිතරම විලාසිතා ගැන කතා කරනවාද?

ඔව්, මෙහෙමයි යාළුවොත් එක්ක ඉන්න කාලේ නම් කොහෙමත් ඒ අයත් එක්ක කතා කරනවා. අලුත්නේ ගත්තා නම් ඇදුමක් ඒ අයට පෙන්වනවා. හොඳද අහනවා. දැන් නම් ඉතින් මම තමයි මම අඳින්නේ මොකක්ද කියලා තිරණය කරන්නේ.

අඳින්න වැඩිපුරම කැමති ඇඳුම කුමක්ද?

මම ගොඩක් අඳින්න කැමතියි ගවුම්. කොට ගවුම නම් අඳින්නේ නැහැ දිග ගවුම තමයි මම හැම වෙලාවේම තෝරගන්නේ අඳින්න. මම හිතනවා මට ගැළපෙන්නේ ඒ ඇඳුම් කියලා.

බුද්ධික සේනාධීර