ඩෙනිම් කලිසමට සුදු ටී ෂර්ට් එක මට ගොඩක් ලස්සනයි කියලා හැමෝම කියනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නාඩගම්කාරයෝ ඇතුළු කලා නිර්මාණ බොහෝමයකින්ම අපි මේ දිනවල දකින මධාරා සෙව්වන්දි සමගින් මෙවර අපි කතා බහා කළේමු. මෙවර අපි ඇයට යොමු කලේ විලාසිතා පිළිබඳව ඇයගේ තියෙන කැමැත්ත පිළිබඳවය. මේ අප ඇසු ප්‍රශ්ණවලට මධාරා දුන් පිළිතුරු.

විලසිතාවලට ඔබේ තියෙන කැමැත්ත කොහොමද?

විලාසිතාවලට නම් ගොඩක් කැමැතියි. හැබැයි ඉතින් හැම විලාසිතාවක්ම කරන්නේ නැහැ. මට හොඳයි කියලා හිතෙන හා මට ගැළපෙන ඒවා විතරයි මම කරන්නේ.

ඔබ මාසිකව විලාසිතාවලට කොපමණ වියදම් කරනවාද?

එහෙම නැහැ. ඇඳුම්, සපත්තු, සෙරේප්පු වගේ දේවල්වලට මම වියදම් කරනවා. මෙච්චර ගාණක් කියලා නැහැ ඉතින්. අතේ මුදලක් තියෙනවා නම් ඊට සරිලන විදිහට ඇඳුම් හා අනෙකුත් ඒවා ගන්නවා.

ගන්න ඇඳුමක් කොපමණ කාලයක් අඳිනවද?

ඒක කියන්න බැහැ. ඇඳුම හොඳ තත්ත්වයෙන් තියෙනවා නම් මම කාලයක් අඳිනවා. අනික ගොඩක් ලස්සනයි නම් මම ඒවා ගෙදරට හරි අඳින්න පාවිච්චි කරනවා.

ගන්න ඇඳුමේ මුලින්ම බලන්නේ ලස්සනද? නැත්නම් එහි වටිනාකමද?

ලස්සන තමයි. මොකද, කියක් දිලාගත්තත් ඒ ඇඳුම ලස්සන නැත්නම් මට වැඩක් නැහැනේ. අනික තමයි ඇඳුම්වලට ලොකු මුදලක් මම කොහෙමත් වැය කරන්නේ නැහැ. අතේ තියෙන මුදලට ලස්සන ඇඳුමක් තෝරගන්න තමයි මම හැම බලන්නේ.

නිතරම ඇඳුම් ගන්න තැනක් තියෙනවද?

කොළඹ Shayint. එකෙන් තමයි ගොඩක් වෙලාවට මම ඇඳුම් මිළඳි ගන්නේ.

ඇඳුම් ගන්න යනවා නම් ඒ කාත් එක්කද?

ගොඩක් වෙලාවට අම්මාත් එක්ක තමයි. නැත්නම් මම තනියම යනවා. තනියම ගියොත් මට මගේ කැමැත්තටම හොඳ ඇඳුමක් තෝරගන්න පුළුවන්.

අඳින්න වැඩියෙන්ම කැමති ඇඳුම මොකක්ද?

ඩෙනිම් කලිසමට සුදු ටී ෂර්ට් එක. ගොඩක් අය කියනවා ඒ ඇඳුම මට ගැළපෙනවා කියලා.

බුද්ධික සේනාධීර