සිරස අවුරුදු කුමරිය විම මා ලැබු සුවිශේෂි ජයග්‍රහණයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිරස අවුරුදු කුමරිය කවින්ද්‍ර කෝෂිලා

සිරස වසන්ත කුමරිය ලෙස මෙවර කිරූළ දිනාගත් කවින්ද්‍ර කෝෂිලා සමගින් අද සාරවිට තරු කතා බහ සමග මෙළෙස එක් වුණේමු. වෘත්තියෙන් නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇය මේ වනවිට වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහාද පෙනි සිටි ඇත.

ඔබ අවුරුදු කුමරියක්?

ඔව්, මෙවර සිරස රූපවාහිනි නාළිකාව සංවිධානය කළ ‘2021 සිරස වසන්ත කුමරිය’ ලෙස කිරූළ දිනාගත්තේ මම. පුංචි කාලේ ඉඳලාම ආසයි මම අවුරුදු කුමරි තරග සඳහා ඉදිරිපත් වෙන්න. ඒ තිබුණ ආසාවේ ඉහළම ප්‍රතිපලය තමයි ‘සිරස වසන්ත කුමරිය’ ලෙස කිරූළ පළදින්නට ලැබිම කියලා මම හිතනවා.

ඔබ දක්ෂ නර්තන ශිල්පිනියක් කිව්වොත් මම හරි?

ඔව්, අවුරුදු කිහිපයකට කළින් මම හිමාලි සිරිවර්ධන මහත්මියගේ ‘සෙන්ශේෂන්’ නර්තන කණ්ඩයමත් එක්ක වැඩ කළා. ඇය තමයි මාව මුලින්ම කලා කටයුත්තකට යොමු කළේ. ඒ චිත්‍රපටයක තේමා ගීතයකට නර්තනයෙන් දායක වෙන්න. දැනට මම මගේම කියලා නර්තන කණ්ඩායමක් පවත්වාගෙන යනවා ‘කවි ඩාන්සින් ස්ටුඩියෝ’ කියලා. මේ දවස්වල මගේ නර්තන කණ්ඩායමත් එක්ක ගොඩක් කාර්යබහුලව කටයුතු කරමින් ඉන්නවා.

කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබිලා නැද්ද?

රූපවාහිනි වෙළෙඳ දැන්විම් කිහිපයකටත් ගීත රුප රචනා කිහිපයකටත් දැනට මම දායක වෙලා තියෙනවා. ගොඩක් කැමතියි රඟපාන්න. හොඳ ගුණාත්මක බවින් වැඩි ක්ලාත්මක නිර්මාණයක් ලැබුණොත් භාරගෙන වැඩ කරනවා. දැනටත් එවැනි හොඳ නිර්මාණ කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඒ ගැන ඉදිරියට කියන්නම්.

පොඩි කාලේ හිනේ වුණේ කවුරු වෙන්නද?

පොඩි කාලේ ඉඳලාම ආසාව තිබුණේ නර්තනය පැත්තට යොමු වෙන්න. අද ඒක හැබැ වෙලා තියෙනවා. අද මගේම කියලා නර්තන කණ්ඩායමකුත් තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි පොඩි කාලේ තිබුණ හිනය අද සැබැ කරගන්න ලැබුණ එක ගැන.

කවින්ද්‍ර කියන කෙනා මොන වගේද?

ගොඩක් සංවේදි කෙනෙක්. ඒ වගේම සැහැල්ලුවෙන් ජිවත් වෙන්න කැමති කෙනෙක් කිව්වොත් හරි. පොඩි දගකාරකමක් එක්ක අහිංසක බවකුත් මට තියෙනවා ඉතින්.

උදව් කරපු අය ගැනත් කියමු අපි?

මුලින්ම මගේ පවුලේ අය මතක් කරන්න ඕනා. විශේෂයෙන්ම මගේ අම්මා. ඒ වගේම මගේ පුංචි. ඒ අය නැත්කම් අද මේ තරම් ගමනක් කලාව තුළ එන්න බැහැ. ඒ වගේම මතක් කරන්න ඕන හිමාලි සිරිවර්ධන මහත්මියව. ඒ වගේම සංඛ අබේසිංහ මහතාවත්. ඔහු මට ගොඩක් උදව් කළා. මගේ ළඟින්ම හිටියෝ යාළුවෝ වගේම වචනයකින් පවසා උදව් කළ දිරිමත් කළ හැමෝම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.

බුද්ධික සේනාධීර