ෆීල්ඩ් එකට එන එකම මට නම් ලොකු අභියෝගයක් වෙලා තිබුණේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙක් වූ හංසිකා තරුෂී සමගින් අද අපි කතා බහ කළේමු. තවමත් පාසල් යන යෞවනියක් වන හංසිකා මේ වනවිට විවිධ කලා කටයුතු සඳහා සිය දායකත්වය ලබාදී ඇති නවක නිරූපණ ශිල්පිනියක්ද වෙයි.

නිරූපණ ක්ෂේත්‍රයට ඔබගේ පිවිසිම සිදු වුණේ කොහොමද?

ෆීල්ඩ් එකට ඇවිත් දැන් මාස අටක් විතර වෙනවා. හිතුවෙවත් නැති වෙලාවක අහම්බෙන් වගේ පොටෝ ෂුට් එකක් හම්බ වුණා අවුරුදු කාලයේ. ඒ හරහා තමයි ෆිල්ඩ් එකට අවස්ථාව ලැබුණේ. විශේෂයෙන්ම මතක් කරනවා හිමාශි රෙහානා අක්කාව. එයාගේ තෝරාගැනීමක් මත තමයි මේ අවස්ථාව මට ලැබුණේ කිව්වොත් හරි.

නිරූපිකාවක් වෙන්න කැමැත්තක් ආසාවක් ඔබට තිබුණාද?

ඇත්තටම නෑ. රඟපාන්න නම් පොඩි කාලෙ ඉදලා ආසාවක් තිබුණා. ඒත් නිරූපණ ශිල්පිනියක් වෙන්න නම් මගේ හිතේ අදහසක් ඇත්තටම තිබුණේ නැ.

නිරූපණ ක්ෂේත්‍රය ගැන ඔබේ අදහස?

ෆීල්ඩ් එක හොඳයි. වෙනස්ම තැනක් මට නම්. තේරුම් ගන්න නම් ටිකක් කල් ගියා. හැම කෙනෙක්ම තමන්ගෙ පාඩුවෙ හරි විදිහට තමන්ගේ වැඩ ටික කරගෙන යනවා නම් මේ ෆීල්ඩ් එක ඇත්තටම හොඳ තැනක්.

මොනවා හරි කලා නිර්මාණ වලට ඔබ දායක වෙල තියෙනවාද?

මම තාමත් මේ ෆීල්ඩ් එකට අලුත්. ටික කාලයකට කලින් මියුසික් වීඩියෝ එකකට නම් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ෆොටෝ ෂුට්ස් වලින් එහාට ලොකු දෙයක් තාම මට කරන්න හම්බ වෙලා නැහැ.

නිරූපිකාවක් විදිහට අද තියෙන පිළිගැනීම කොහොමද?

ඇත්තටම හරිම කනගාටුයි. ෆීල්ඩ් එකට එන එකම මට නම් ලොකු අභියෝගයක් වෙලා තිබුණේ. මොඩ්ල් කෙනෙක් කිව්වාම සමාජෙ බලන්නෙ වැරදි විදිහට. ඒ වගේම ෆීල්ඩ් එක ඇතුලෙන් එන ප්‍රශ්න ඊටත් වඩා වැඩියි. පිළිගැනීමක් ලැබෙන්න නම් අනිවාර්යෙන්ම තමන් දෙයක් කරල පෙන්නන්නම වෙනවා. කොච්චර බාධා ආවත් තමන්ගෙ වැඩ කොටස හරි විදිහට කාටත් කරදරයක් නොවෙන විදිහට කරගෙන යනවා නම් කාලෙත් එක්ක ලැබෙන්න ඕනෙ තැන්වලින් ඒ පිළිගැනීම අනිවාර්යයෙන්ම ලැබෙයි කියලා මම හිතනවා.

මේක ඔබගේ වෘත්තියද?

නෑ මේක මගෙ වෘත්තීය නෙමෙයි. මම තාම පාසල් යන ශිෂ්‍යාවක්. ලබන වසරේ කල විෂය ඔස්සේ උසස් පෙළ විභාගය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනට මුලික අවධානය දිලා තියෙන්නේ අධ්‍යපන කටයුතුවලට තමයි.

නිරූපණ ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්නද අදහස?

ෆීල්ඩ් එකේ දිගටම රැදෙන්න ලොකු ආසාවක් තියෙනවා. පුළුවන් උපරිම දේ කරල ෆීල්ඩ් එකේ නමක් හදාගන්න එක තමයි මගෙ ඊළග ඉලක්කය වෙලා තියෙන්නේ.

උදව් කරපු අය?

විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ මගෙ අම්මාව. අදටත් මාත් එක්ක හැම තැනකම යන්න එන්නෙ එයා. මටත් වඩා එයාට තමයි ලොකුම ආසාවක් තියෙන්නෙ මාව මේ ෆීල්ඩ් එකෙන් ඉදිරියටම ගෙනියන්න. ඒ වගේම මගෙ තාත්තා. කඩන් වැටුනු හැමවෙලාවකම මාව නැගිට්ටලා තිබ්බෙ මගේ තාත්තා. මගෙ හොඳම යාළුවා උමේශ් කවිදු. අම්මා තරමටම මගේ මේ දේවල් පිටිපස්සෙන් හිටියේ එයා. මට නොකරපු උදව්වක් නැති තරම්. තව විශේෂ කෙනෙක් ඉන්නවා දුර ඉදන් මගෙ හැම වැඩකටම උදව් කරන එයා හින්ද මම වැටෙන්න තිබ්බ හැම තැනකදිම හරිම ශක්තිමත්. මම දැන් මේ ඉන්න තැනට එන්න මට වචනෙකින් හරි උදව් කරපු හැම කෙනාවම ආදරෙන් මතක් කරනව.

බුද්ධික සේනාධීර