මට ගැළපෙනවා කියල හිතෙන විලාසිතා විතරයි මම කරන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කළ නිමේෂා වැන්ඩොට් මේ වනවිට කාගෙත් ආදරය දිනා සිටින්නේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසය. නිරූපණ ක්ෂේත්‍රය තුළ කටයුතු කළ නිසාම ඇය විලාසිතාවලට දක්වන්නේ ඉමහත් උනන්ඳුවකි. ඒ නිසා මෙවර අපි ඇයට විලාසිතා සම්බන්ධ ප්‍රශ්ණ කිහිපයක් යොමු කළා.

විලාසිතාවලට ඔබේ තියෙන කැමැත්ත කොහොමද?

විලාසිතාවලට මම කැමතියි. කාන්තාවෝ ඉතින් ගොඩක් කැමතියිනේ විලාසිතා කරන්න. හැබැයි මම කරන විලාසිතා මට ගැලපෙනවද කියන එක මුලින්ම බලනවා. රැල්ලට නම් විලාසිතා මම කරන්නේ නැහැ.

විලාසිතාවලට කොපමණ වියදම් කරනවාද?

ඒක හරියට කියන්න බැහැ එක එක විලාසිතා වලදි ඒක වෙනස් වෙනවා. කොහොමත් මම විලාසිතාවලට ලොකුවට වියදම් කරන්න කැමති කෙනෙක් නෙමෙයි.

ගන්න ඇඳුම් කොපමණ කල් අඳිනවද?

සමහර ඇදුම් පරණ උනත් අදිනවා ඒකට ආසයි නම්. ඒත් මොනහරි විශේෂ අවස්ථා වලට ගත්ත ඇඳුම් නම් එක වතාවක් වගේ තමයි මම අඳින්නේ.

ඇඳුමක් ගනිද්දි මුලින්ම බලන්නේ ලස්සනද? නැත්නම් එහි වටිනාකමද?

මට ගැලපෙනවද කියන එක මතයි තමයි මම තීරනය කරන්නේ. හැබැයි මුදලට වඩා මම ඕනෑම දෙයක ලස්සන බලනවා. මොකද, ලස්සන නැත්නම් එහි වටිනාකමින් වැඩක් නැහැ.

නිතර ඇඳුම් ගන්න යන තැනක් තියෙනවාද?

එහෙම නැහැ. ගොඩක්ම වෙලාවට මම ඇඳුම් ගන්නේ online shopping හරහා. දැන් ඒක ලේසියි. කඩේකට ගිහින් ඇඳුමක් ගන්නකොට වෙලාව යනවා. අනික මහන්සිය ශ්‍රමය අපරාදේ. online ඇණවුම් කරලා ගන්න කොට මේ කිසිම කරදරයක් නැහැ.

ඇඳුම් ගන්න යනවා නම් කාත් එක්කද?

ගොඩක් වෙලාවට යන්නේ නංගිත් එක්ක.

යාළුවෝ සමග ඇඳුම් විලාසිතා ගැන කතා කරනවාද?

ඔව් කරනවා. හැබැයි නංගි එක්ක තමයි ගොඩක්ම කතා කරන්නේ. අපි දෙන්නා ඇඳුම් වුණත් හුවමාරු කරගෙන අඳිනවා.

අඳින්න වැඩියෙන්ම කැමති ඇඳුම මොකක්ද?

ඩෙනිම් එකයි ටිකක් ඇගට ලොකු ටී ෂර්ට් එකකුයි තමයි. මට ඒක ගොඩක් පහසුයි.

බුද්ධික සේනාධීර