දුෂී දකින අලුත්ම වේදිකා නාට්‍යය ඉල්ලන් කෑම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකින්ම දුටු දුෂි ප්‍රභා ඉලංගකේන් මේ දිනවල නැවත වරක් වේදිකාවට සම්බන්ධ වි සිටියි. ඇය දායක වූ අලුත්ම වේදිකා නාට්‍යයක් මේ දිනවල වේදිකාගත වෙමින් පවතින් අතර, එය ඉදිරියේදී දිවයින පුරා වේදිකා ගත කරන්නටද සුදානම් කර තිබේ. ඒ පිළිබඳව අපි දුෂිගෙන් තොරතුරු විමසුවා.

දුෂි මේ දවස් වල ටිකක් කාර්යබහුලයි නේද?

ඔව් මේ දවස් වල ටිකක් නෙමෙයි සැහෙන්න කාර්යබහුලයි කිව්වොත් හරි. ආයෙත් අවුරුදු 4ට විතර පස්සේ මම වේදිකාව සම්බන්ධ වුණා.  ඒ ඉල්ලන් කෑම කියන වේදිකා නාට්‍යය. පහුගිය කාලේ කොවිඩි වසංගත තත්ත්වය නිසාත් රටේ වාතාවරණය හොඳ මට්ටමක තිබුණේ නැති නිසාත් වේදිකා නාට්‍ය වේදිකා ගත කරන එක නතර වෙලා තිබුණේ.

දුෂිට වේදිකාව කියන්නේ අලුත් තැනක් නෙමෙයි?

මම මුලින්ම වේදිකාවට සම්බන්ධ වුණේ පාසලෙන්. එහිදි රාජා සේනාරත්න ගුරු පියානන් යටතේ වේදිකා නාට්‍ය ගණනාවකට සම්බන්ධ වුනා රාජ්‍ය ළමා නාට්‍ය, යොවුන් නාට්‍ය වලට සම්බන්ධ වුණා. ඒවාගෙන් සම්මාන සහතික ලබාගත්තා. ප්‍රසිද්ධ වේදීකාවට සම්බන්ධ වුණේ මුලින්ම ජයසේකර අපෝන්සු මහතාගේ තටු නාට්‍යන් ඒක හරිම සුන්දර අත්දැකිමක්. පුංචි කාලේ ආසාවෙන් ටිවි එකේ තටු තේමා ගිතය යනකොට බලපු මම ඒ වේදිකා නාට්‍ය රංගනයෙන් දායක වෙන්න ලැබීම මගේ රංගන ජිවිතේ මට ලැබුණ වාසනාවක් මම ජයසේකර අපෝන්සු මහාතාට ස්තුති වන්ත වෙනවා ඒ අවස්ථාව මට ලබාදීම ගැන

ඉල්ලන් කෑම මෑතකදි කරන්න ගත්ත අලුත් වැඩේ නේද?

ඔව් මේක අපි පටන් ගත්තේ සැප්තැම්බර් මාසේ මුහුරත් එක තිබ්බේ. අපි දවස් 5 ලොජ් වෙලා එක දිගට රිහසල් කළා. සුනිල් අයියාගේ වේදිකා නාටය වල කොහොමත් එහෙමයි කරන්නේ. ඊට පස්සේ සතියට දවස් 2 වගේ රිහසල් කරා ලයිට් රියසල් මියුසික් රියසල් ඒ වගේ ගොඩක් දෙවල් තියනවා. වේදිකා නාට්‍යක් බලන තරම් ලේසි නෑ ඒක් කරන්න ගියාම ඒක පිටිපස්සේ කලාකරුවන්ගේ ලොකු කැපවීමක් තියනවා.

ඔබගේ කිවෙනි වේදිකා නාට්‍යයද මේ?

මේක මගේ ප්‍රසිද්ධ වේදිකාවේ 7 වෙනි වේදිකා නාට්‍ය මට මතක විදිහට.  තටු වේදිකා නාට්‍යයෙන් පස්සේ සකෝ, සේනා වැනි වේදීකා නාට්‍ය ගණනාවකට මම රංගනයෙන් දායක වුණා. ඒ කාලේදී තමා මට සුනිල් ශ්‍රී මහතා හමුවෙන්නේ. එතුමාගේ ඉලංදාරී වේදිකා නාටයට මම මුලින්ම සම්බන්ධ වුණා. එහි සකුන්තලා කියන ප්‍රධාන භූමිකාවට ඉන් පසුව ගත්තොත් දෙන්නෑ නාට්‍යටත් දැන් ඉල්ලන් කෑවා නාට්‍යටත් මම සම්බන්ධ වෙලා ඉන්නවා.

කලාකරුවෙකුට රංගනය ගැන හදාරන්න හොඳම තැන තමයි වේදිකාව?

මම වේදිකාවට ගොඩක් ආදරය කරන කෙනෙක්. වේදිකාව කියන්නේ අපිට රංගන පාසලක්. ප්‍රෙක්ෂකයාට සජීව අපිට මුහුණට මුහුණලා රඟපාන්න හම්බවෙන එකම අවස්ථාව ඒක ටෙලිනාට්‍ය චිත්‍රපට වලට වඩා අමාරු දෙයක් වේදිකාව හැසිරවිම දෙබස් මතකයේ තබාගැනීම හඬ පාලනය වගේ ගොඩක් දේවල් වේදිකාවෙන් අපට ඉගෙනගන්න පුළුවන්.

රටපුරා මේක වේදිකා ගත කරන්න සැලසුමක් තියෙනවාද දැන්?

ඔව්, රටපුරා වේදීකාගත කරන්න තමා බලාපොරොත්තුව. ඉල්ලන් කෑවා වේදිකා නාටයේ පෙර දැක්ම තමයි නොවැම්බර් 27 පානදුර පුරහලේ තිබුණා. මෙහි මංගල දර්ශනය දෙසැම්බර් 15දා එල්ෆීස්ටන් රඟහලේ වේදිකාගත වෙනවා. ඊට පස්සේ මුළු රටපුරාම වේදිකාගත කරන්න තමා බලාපොරොත්තු වෙන්නේ මෙහි රංගනයෙන් දායකවෙන්නේ ප්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කොට්ටගේ, නන්දන හෙට්ටිආරච්චි, ‍රජිත හිරාන්, දනුක සිල්වා, හිරුණි රණසිංහ වැනි දක්ෂ රංගන ශිල්පිනින්.

බුද්ධීක සේනාධීර