කතා හදන එක මේ ක්ෂේත්‍රවලට පොදු දෙයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකම ඔබ දකින නෙත්මි සත්සරණි තරුණ පිරිස් බොහෝ දෙනෙකු ආදරය කරන චරිතයක් බවට වර්තමානයේ පත්ව සිටියි. ක්ෂේත්‍රය තුළ ‘නෙතු’ නමින් කතබහට ලක්වන ඇය රංගන ශිල්පිණියක් ලෙස කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නටද බලාපෙරොත්තුවෙන් සිටියි. මේ දිග හැරෙන්නේ සාරවිට අපි ඇය සමග කළ කතාබහයි..

නෙත්මි කියන්නේ කවුද?

මම නිරූපිකාවක්. ඒ වගේම රංගන ශිල්පිණියක් විදිහටත් දැන් කටයුතු කරනවා.

කලා ක්ෂේත්‍රයට ඔබගේ පිවිසීම කොහොමද?

මම නිරූපණය පිළිබඳව අධ්‍යාපනය ලැබුවෙ catwalk model academy එකේ. Model කෙනෙක් විදියට තමයි මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නේ. ඊට පස්සේ රංගනයට සම්බන්ධ වෙනවා. මම දායක වුණ පළමු ටෙලි නිර්මාණය තමයි හිරු රූපවාහිනි නාළිකාවේ විකශය වුණ අඳුරු සෙවණැලි. එතැනින් තමයි රංගනයට මුලින්ම අත්පොත් තැබුවේ.

දැනට ඔබ දායක වුණ නිර්මාණ?

අඳුරු සෙවණැලි වලින් පස්සේ මම හිරු එකේම විකාශය වුණ අකුරු මැකි නැහැ, හිරු ටෙලි ෆිල්ම්ස්, දිවිතුරා, සකර්ම, සිහින ගෙනෙන කුමාරියේ වැනි ටෙලි නාට්‍ය වල රඟපෑවා. තවත් ටෙලි නාට්‍ය කිහිපයක් ඉදිරියට විකාශය වෙන්න තියනවා. මේ දිනවල අලුත් නිර්මාණ කීපයකටත් මම තව  සම්බන්ධ වෙලා ඉන්නවා.

මේ ක්ෂේත්‍ර ගැන මොකද හිතෙන්නේ?

මේ ක්ෂේත්‍රයේ තමන්ගෙ උත්සාහය කැපවීම තියෙයි නම් ගොඩක් දුර ගමනක් යන්න පුළුවන්. ඉගෙන ගන්න අලුත් දේ ගොඩක් තියනවා. ඉතින් ඒ දේවල් ඉගෙන ගෙන තමන්ගෙ මහන්සියෙන් ගමනක් යන්න පුළුවන් නම් තමයි ගොඩක්ම වටින්නේ.

මේ ක්ෂේත්‍ර ගැන විවිධ කතා තියෙනවනේ. ක්ෂේත්‍රයට සම්බන්ධ වෙද්දි ඒ ගැන යම් අදහසක් ඔබට තිබුණද?

ඇත්තටම බයක් දැනුණේ නෑ මට නම්. තමන් හරි විදියට තමන්ගේ ගමන යනවා නම් බය වෙන්න දෙයක් නැහැ. මිනිස්සු විවිධ කතා කියනවා කතා හදනවා ඒක මේ ක්ෂේත්‍රයට පොදු දෙයක්නේ. හරි වැරදි දේ අපිම තෝරාගෙන අපේ ගමන නිවැරදිව යන්න ඕනා කියලායි මම නම් හිතන්නේ.

දිගටම මේ ක්ෂේත්‍ර තුළ රැදෙන්නද අදහස ඔබේ?

මම උසස් අධ්‍යාපනය හැදෑරැවෙ Aquinas university college එකේ කෘෂිකර්ම පීඨයේ. මේ ක්ෂේත්‍රය වෘත්තියක් විදියටම නෙමෙයි මම කරගෙන යන්නේ. මම මේ ක්ෂේත්‍රයට ගොඩක් අසයි ඒ වගේම ආදරේයි. ඒ නිසාම මේ ක්ෂේත්‍රයේ දිගටම රැදිලා ඉන්නවා.

නිර්මාණ භාරගනිද්දි ඔබ යම් සිමාවන් පනවා ගෙන ඉන්නවද?

ඔව් යම් සීමාවන් පනවාගෙන ඉන්නවා. මම මගේ ඇගට ගැළපෙන ඇදුම් අදිනවා. කොට ඇදුම් අඳිනවා දිග ඇදුම් අදිනවා මට ගැළපෙන විදියට. ඒ වගේම මට ගැළපෙන නිර්මාණ පමණක් මම තෝරාගෙන භාර ගන්නවා.

උදව් කරපු අය?

මගේ පවුලේ අයව මුලින්ම මතක් කරන්න ඕනා. ඊට පස්සේ ඉඳුනිල් අයියා, සුරේෂ් ද අල්විස්, කසුන් තාරින්ද, ප්‍රියන්ත ප්‍රනාන්ඳු. මේ අධ්‍යක්ෂවරු හැමෝටම මේ වෙලාවේ ස්තුති කරනවා.

බුද්ධික සේනාධීර