මම පොඩි කළේ ඉඳලම ගොඩක් ආසාවෙන් හිටියේ පෙර පාසල් ගුරුවරියක් වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ පැවති සිරස 'අවුරුදු කුමරිය' තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් ලොහන්සා පෙරේරා සමගින් අපි කතා බහා කළේමු. කලා ක්ෂේත්‍රයට එක්වීමට දැඩි කැමැත්තෙන් පසුවෙන ලොහන්සා ඒ පිළිබඳව අප සමග තොරතුරු බෙදා හදා ගත්තේ මෙළෙසිනි.

 
ඔබ අවුරුදු කුමරියක්?
 
ඔව්, මේ වසරේ සිරස මාධ්‍ය ජාලය සංවිධානය කළ 'සිරස අවුරුදු කුමරිය' තරගයේ දෙවැනි ස්ථානය දිනාගත්තේ මම.

කවුද මේ තරගයට යන්න ඔබට උනන්ඳු කළේ?

මගේ පියා.  පොඩි කළේ ඉඳලා මම අවුරුදු කුමරි තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. මගේ පියාට ගොඩක් සතුටුයි මම අවුරුදු කුමරි තරගවලින් දිනලා අවාහම. පියා තමයි කිව්වේ සිරස අවුරුදු කුමරිය තරගයටත් යන්න කියලා. ඔහු තමයි ඒ තරගයට මව යොමු කරන්න අයදුම් කළෙත්.  

තරගයට ඉදිරිපත් වෙන කොට ජයග්‍රහණයක් පිළිබඳව බලාපොරොත්තුවක් තිබුණාද?

ඇත්තම කිව්වොත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසාම තමයි තරගයට ආවෙත්. ගොඩක් අය මට උදව් කළා මේ ජයග්‍රහණය වෙනුවෙන්. ඒ සැමටම ස්තුතියි.
 
ප්‍රධාන පෙළේ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණ පළමු වතාවද මෙය?

ඔව්, පළමු තරගයෙන්ම පළමු තිදෙනා අතරේ ජයග්‍රහණයක් ලබාගන්න හැකිවීම විශේෂයි මට. මම හිතනවා මේක හොඳ ආරම්භයක් කියලා.
 
අවුරුදු කුමරිය තරගයකින් ජයගත් බොහෝ දෙනෙකුගේ ඊළඟ හිනය කලාවට සම්බන්ධ වෙන එක?

ඇත්තම කිව්වොත් මගේ හිනයත් ඒක තමයි. නමුත්, තවමත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ කලාවට සම්බන්ධ වෙන්න. නමුත්, හිතනව ඒ අවස්ථාව නුදුරේම මට ලැබෙයි කියලා.

රඟපාන්න පුළුවන්ද ඔබට?

ඔව්, මට පුළුවන්. මම පාසල් යන කාළේ පාසල් වේදිකාව තුළ රඟපාලා තියෙනවා. රඟපාන ඒක ඇගේම තියන දෙයක්. ඒක තව ඔප මට්ටම් කරගන්න තමයි අවශ්‍යය.
 
පාසල් කාළේ මතකද?

ඔව්, මට දැන් අවුරුදු 19යි. මෑතකදී තමයි මම පාසල් අධ්‍යාපනයට සමුදුන්නේ. මම අධ්‍යාපනය ලැබු‍වේ කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විද්‍යාලයෙන්. දැනට මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබලා තියෙනවා.
 
ඉදිරි සැළසුම්?

මගේ අධ්‍යපන කටයුතු සාර්ථකව නිම කරන එක. ඒ වගේම තමයි කලාවට සම්බන්ධ වෙන එක. මම පොඩි කළේ ඉඳලම ගොඩක් ආසාවෙන් හිටියේ පෙර පාසල් ගුරුවරියක් වෙන්න. ඒ හිනයත් ඉදිරියේදි ඉෂ්ට කරගන්න බලාපෙරොත්තු වෙනවා.

පවුලේ අය ගැන සඳහනක් කරනවා නම්?

මගේ පියාව තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ඔහුගේ උනන්ඳුව නිස තමයි අද මම මේ තැන ඉන්න. ඒ වගේම මගේ මව, බාල සහෝදරයා. මේ හැමෝම මට ගොඩක් උදව් කරනවා. ඒ අයගේ හිනෙත් මම කවදා හරි රංගන ශිල්පිනියක් විදිහට දකින ඒක.  
 
බුද්ධික සේනාධීර