මේ දවස්වල ලොක්කි ටෙලි නාට්‍යයෙන් මාව දැකගන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය දිනවල විකාශය ආරම්භ කළ ලොක්කි ටෙලිනාට්ය් මේ වෙද්දි ප්රේආක්ෂකයන් අතර ඉමහත් ජනප්රි යයි. ලොක්කි ටෙලි නාට්ය  හරහා කලාවට හඳුන්වාදෙන ශිල්පිනියක් තමයි ධනු පෙරේරා කියන්නේ. ඇය ලොක්කි නාට්යටයේ ‘දෙවෙනි’ගේ චරිතයට රංගනයෙන් දායක වනවා. ඉතින් ධනුව සාරවිට කතාබහකට අප සම්බන්ධ කරගත්තේ මේ විදිහටයි. 

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම ධනුෂිකා සඳරේණු පෙරේරා. මගේ පදිංචිය පිළියන්දල. මම සෞන්දර්ය කලා විශ්වවිද්යාිලයේ කථක් සම්බන්ධයෙන් හදාරපු උපාධිධාරිනියක්. මේ දවස්වල විකාශය වන ලොක්කි ටෙලි නාට්යා තුළින් මාව දැකගන්න පුළුවන්. 

ලොක්කි ටෙලි නාට්යායඔබේ පළමු රංගනයද?

ඔව්. 

ලොක්කි සඳහා ආරාධනා ලැබෙන්නේ කොහොමද?

කාශ්යිප දිසානායක අයියා තමයි මාව ලොක්කි අධ්යනක්ෂ හර්ෂ උඩකන්ද අයියාට හඳුන්වා දෙන්නේ. ඒ ඔස්සේ තමයි මම කලාවට එන්නේ.

ලැබෙන ප්රහතිචාර කොහොමද?

ගොඩක් හොඳයි. හිතපු නැති තරම් ප්රනතිචාර මටත් ලොක්කි ටෙලි නාට්යඳටත් ලැබෙනවා. 

රංගනයට එන්න පොඩි කාලේදිවත් අදහසක් තිබුණේ නැද්ද?

නැහැ. මේක අහම්බෙන් ලැබුණු චාන්ස් එකක්. 

ලොක්කි නාට්යපට සම්බන්ධ වෙන්න ලැබුණාම මොකද හිතුණේ?

මුලින්ම බය හිතුණා. මොකද මම කවදාවත් රඟපාලා තිබුණේ නැහැනේ. පාසැල් කාලේදි පාසැල් නාට්යි තරඟවලට සහභාගී වෙලා තිබෙනවා. ඒ හැරුණුකොට මම කලින් රඟපාලා තිබුණේ නැහැනේ. ඒ නිසා ඒ ගැන ලොකු දැනුමක් මට නැහැ. අනික මට ලැබුණු චරිතය ටිකක් අමාරු චරිතයක්. පස්සේ ඉතින් හැමෝගේම සහයෝගයත් එක්ක මම ඒ චරිතය හොඳට කළා කියලා හිතනවා. 

මේ සමගම තවත් නිර්මාණවලට ආරාධනා ලැබෙන්න ඇති නේද?

ආරාධනා කිහිපයක් නම් ලැබිලා තියෙනවා. පොඩ්ඩක් ඒ ගැන හිතලා තමයි බාර ගන්නේ. 

රූගත කිරීම්වලදී ඔබට අනෙක් ශිල්පීන්ගෙන් ලැබෙන සහය කොහොමද?

ලොකු සහයක් ලැබෙනවා. මොකද මම කිසිදෙයක් දන්නේ නැතුවනේ ෆීල්ඩ් එකට ආවේ. මම බය වෙලා තමයි හිටියේ. මගේ වටේ හිටපු හැමෝම මට උදව් කළා. ලොක්කි එක්ක වැඩ කරන්නේ මට කලින් එක දවසක් හරි රඟපාපු අය. මම විතරයි ආධුනික නිළියකට හිටියේ. ශලනි නංගි, අනුරාධා අක්කා ඇතුළු හැමෝම මට උදව් කරනවා. 

හර්ෂ උඩකන්ද වැනි අධ්ය ක්ෂවරයෙක් යටතේ රංගනයට පිවිසෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. ඔහු තරුණ අධ්යතක්ෂවරයෙක්. වැඩ කරන්න හරිම පහසුයි. අපිට රඟපාන්න නිදහස ලැබුණා. මගේ චරිතය රඟපාන්න මට ගොඩක් අමාරු වුණා. ඒකට වෙනමම හැඩගැහෙන්න ඕනේ. ඒකට හර්ෂ අයියාගෙන් මට සෑහෙන්න උදව් ලැබුණා. 

ගැහැණු ළමයෙක් රංගනයට එනවා කිව්වාම සමහර අය හිතන්නේ වැරදි විදිහට. ඒ වගේ දේවලට බය හිතුණේ නැද්ද?

බය හිතුණා. මීට කලිනුත් මට ටෙලි නාට්යනකට කතා කළා. ඒත් ඒ බය නිසා ඒකට සම්බන්ධ වුණේ නැහැ. නමුත් මේකට එන්නේ කාෂ්යටප දිසානායක අයියා නිසා. මේක ඇතුලේ ලොකු විශ්වාසයක් ලොක්කි කණ්ඩායමෙන්ම මට දැනුනා. 

රංගනයෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?

ඒ ගැන චුට්ටක් තවම හිතනවා. 

රංගනයට එකතු වෙනවා කිව්වාම ගෙදරින් ලැබුනේ කොහොම ප්ර තිචාරයක්ද?

ගෙදරින් ලොකු සහයෝගයක් දෙනවා. මගේ අම්මයි, තාත්තයි තමයි ලොකුම සහයෝගය දෙන්නේ. 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මම බලාපොරොත්තු වෙනවා නර්තන ගුරුවරියක් වීමට. ඒක තමයි ලොකුම බලාපොරොත්තුව. 

උදව් කරපු අය ගැන කිව්වොත්?

මගේ අම්මා, තාත්තා, අයියලා දෙන්නා මුලින්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම කාෂ්යධප දිසානායක, හර්ෂ උඩකන්ද අයියාව සහ අපේ නිෂ්පාදකතුමන්වත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම අපේ සහෝදර ශිල්පීන් ශිල්පිනියන්වත් ස්තූති කරනවා. 

කැළුම් දේවින්ද