අනේ හෙමින් ගොරවන්නකො



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-13-ent-34

කොළඹින් බැහැර නගරයක එක්තරා ටෙලිනාට්‍යක රූපගත කිරීමක් මාසයක පමණ කාලයක් පුරා සිදුවුණා.ටෙලිනාට්‍යයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් නවාතැන් ගෙන තිබුණෙ නගරයේ හෝටලයක.

නවක නිළියක් තවත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් සමඟ එක කාමරයක නවාතැන් ගත්තා. නවක නිළියටනම් දවස් 4ක ෂූටින් තිබිලා තියෙන්නෙ. ඒ දවස් හතරෙම කෙල්ල පැය 4ක්වත් නිදාගෙන නැතුව ඇති.

ඇය සමඟ කාමරේ නතරවී සිටි මැදිවියේ නිළිය ඇඳට වැටුණු ගමන් ක්ෂණිකව නින්ද යන කෙනෙක්ලු. ඒත් විනාඩි 10ක් යන්නත් කලින් පටන් ගන්නවලු ගොරවන්න. මේ සද්දෙට කෙල්ලට නින්ද යන්නෙ නැහැ.

තුන්වැනි දවසෙනම් කෙල්ලට හරිම අමාරුයිලු. හයියෙන් ගොරවමින් නිදාගෙන සිටි අර ශිල්පිනියව කූද්දලා කිව්වලු අනේ අක්කේ මට තවනම් ඉවසන්න බැහැ. ප්ලීස් හෙමින් ගොරවන්නකො. කියලා.

 

DESHAYA