අයි අයියෝ කෝට් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-28-ent-268මෑතකදී පැවති කලා ලොවේ මංගල උත්සවයකට ප්‍රවීණ කලා ශිල්පියෙකුද ඔහුගේ බිරිය සමඟ සහභාගි වුණාලු.මහත්තයා ගැන නිතරම විපරමින් හිටිය නෝනා දැක්කලු ඔහු ඔසුපැන් දෙන පැත්තට යනවා එනවා. ඇය එකපාරක් ඔහු ළඟට ගිහින් මොකක් හෝ දෙයක් කනට කරලා කිව්වලු.ඔන්න තව ටිකකින් ඔසුපැන් ස්ථානයෙන් මෙයා හෙල්ලෙන්නෙම නැහැල්ලු. බිරිය ආයෙමත් සැරයක් ඔහු ළඟට ගිහින් යමක් කියලා ආවලු. දැන් දැන් ඔසුපැන් ස්ථානය ළඟ කට්ටිය වැඩිවෙලා. සද්ද බද්දත් ටික ටික වැඩිවෙලා.

නෝනා මේ සැරෙත් ගිහින් මොකක්දෝ කිව්වට ඔහුට ඒක හරිහැටි ඇහුණෙ නැත්තෙ වටපිටාවෙ සද්ද බද්ද නිසා.මතක තියාගන්න, ඔයා කොච්චර බිව්වත් මට අවුලක් නැහැ. අපි යන්නෙ කැබ් එකේනෙ. ඒත් ඔය කෝට් එක පරිස්සම් කරගන්න මහත්තයෝ...ඔය කතාවනම් ඒ අසල හිටිය දෙතුන් දෙනෙකුට පැහැදිලිව ඇහුණා.

මොකද නෝනා කෝට් එක ගැන මේ තරම් උනන්දුව. හයර් එකට ගත්ත එකක්වත්ද? එක්කෙනෙක් ඔහුගේ කනට කරලා ඇහුවලු.පිස්සුද මචං. මෙයා දන්නවනෙ මගේ හැටි. පොඩ්ඩක් විතර වැඩිවෙනකොට මගේ පුරුද්දක් තියෙනවා මැද්දට ගිහින් නටන එක. ඔහොම ගිහින් ටික වෙලාවක් ගියාම මම කෝට් එක ගලවලා වටේට වන වනා තමයි නටන්නෙ. පස්සෙ කෝට් එක අතුරුදන් වෙනවා. අන්තිමට ගෙදර යද්දී අපි අහුලගෙන යන්නෙ ඇඳගෙන ආපු කෝට් එක නෙවෙයි, කොටින්ම කිව්වොත් පාපිස්සක්. ඇයි ඉතින් කී දෙනෙක් ඕක පාග පාග නටලා තියෙනවද..? අපේ නෝනා ඔන්න ඕකයි මට මතක් කරලා යන්නෙ.

 

  ► Text - Mithra