ඉඳලා ඉඳලා කලන්තෙත් දැම්මලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-20-ent-193වත්මන් නවක පරපුරේ කලා ශිල්පීන් ඇත්තටම වාසනාවන්තයි. මොකද, ඒ අයට රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා.ඒත් ඒ කාලෙ, ඒ කියන්නෙ අවුරුදු 25කට 30කට එහා රඟපාන්න එනවයි කියන්නෙ ඉතින් වෙනමම චැලෙන්ජ් එකක්.

අද රංගන ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ බොහොමයක් දෙනා අඩු වැඩි වශයෙන් ඒ කට්ට කන්න ඇති.

මෙන්න මේ ප්‍රවීණයත් අද දක්ෂ නළුවෙක්, ගායකයෙක් වගේම නිෂ්පාදකවරයෙක්. නළුවෙක් වෙන්න ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම එයාට තිබිලා තියෙන්නෙ ලොකු පිස්සුවක්.ඉස්කෝලෙන් අස්වෙලා රඟපාන්න අවස්ථාවක් ලබාගන්න නොකාපු කට්ටක් නැති තරම්ලු, ඇවිද්ද පාරවල් කියලා වැඩක් නැහැලු.

ඔන්න ඒ කාලෙ එක්තරා අධ්‍යක්ෂකවරයෙක් මෙයාට කියලා, චාන්ස් එකක් දෙන්න කැමතියි, පහුවදා උදේ හයට ප්‍රසිද්ධ සිනමාහලක් ඉස්සරහ ඉන්න කිව්වලු. කොල්ලට කලින් දවසෙ මුළු රෑම නින්ද ගිහින් නැහැ.උදේ හයට කලින් කියපු තැනට ඇවිත් තියෙන්නෙ කිලෝමීටර් 5ක් විතර පයින් ඇවිදලා. ඔන්න උදේ 8 වෙද්දී ඩිරෙක්ටර් ආවලු, වෑන් එකකින්. ඒකෙ ජනප්‍රිය නළු නිළියො කිහිපදෙනෙක් ඉන්නවා මෙයා දැකලා.මල්ලි ඔහොමම ඉන්න. මම ඉක්මණින් මේ ආටිස්ට්ලා ටික ලොකේෂන් එකේ දාලා එනවා ඔයාව ගන්න, අධ්‍යක්ෂකවරයා එහෙම කියලා ගියාලු.

දවල් 12ත් වුණා, 2ත් වුණා. මිනිහා එන පාටක් නැහැ. බඩගින්නයි, තිබහයි, අව්වයි ඉවසගෙන හිටිය කොල්ලා කලන්තෙ දාලා වැටිලා. වටේ පිටේ හිටිය මිනිස්සු ඇවිත් කතාව ඇහුවම මෙයා සිද්ධිය කියලා.පිස්සු නටන්න එපා මල්ලි. බනිස් ගෙඩියක්වත් කාලා ගෙදර යන්න, කෙනෙක් කිව්වලු.ඒත් කොල්ලට යන්න හිතක් නැහැ.

කළුවර වැටීගෙන එද්දී බලාපොරොත්තු සුන් කරගත් කොල්ලා පයින්ම ගෙදර ඇද්දලු.

 

DESHAYA