එක්ක ආවේ බලු දොස්තරලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-409

අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් ළඟදී ලෙඩෙක් බලන්න ඉස්පිරිතාලෙට ගිහින්. එයාගෙ අසල්වැසියෙක්. මැදි වයසෙ කෙනෙක්. ගෙදර ඉන්නෙ තනියම. තනියට ඉන්නෙ ගෙදර බල්ලා. ළමයි ඉන්නෙ වෙනමලු

ඉතින් මේ අසල්වැසියා හදිසියේ ගෙදරදී කලන්තෙ දාලා වැටිලා. එයාගෙ බල්ලා තමයිලු දොස්තරගෙ ගෙදරට ගිහින් එයාව එක්ක ඇවිත් තියෙන්නෙ.

දැන් ඉස්පිරිතාලෙදී ලෙඩා එක්ක අපේ කලා ශිල්පියා ඒ ගැන කතා කරනවලු.සත්තු කියන්නෙ මහ පුදුම ජාතියක්. බලන්නකො බල්ලගෙ තිබෙන ශූරකම, අපේ කලා ශිල්පියා කිව්වලු.ඔව් ඔව්.. බල්ලො පුදුම ජාතියක් තමයි. ඌ එක්කගෙන ආවෙ බලු දොස්තර කෙනෙක්. පස්සෙ ඒ දොස්තර තමයි මාව ඉස්පිරිතාලෙට ගෙනාවෙ, ලෙඩා කිව්වලු.

 

DESHAYA