එළ කිරෙන් වැඩක් නෑ ඇල්බම් එක ගෙනාපන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1994වර්තමානයේ විවාහ සංස්ථාවට ලැබී තිබෙන වැදගත්කම ගැන හිතනකොට ඇතිවන්නේ විශාල දුකක්. අතීතයේ මෙන් නොව අද විවාහ වෙලා කෙටි කාලයකින් වෙන් වෙන ජෝඩු කොයිතරම් ඉන්නවද? කලා ලෝකයෙත් ඒක පොදු ලක්ෂණයක් වෙලා.ඔන්න පහුගිය මාස කීපයකට පෙර විවාහ දිවියට ඇතුළත් වූ ශිල්පියෙක්, එදා මංගල උත්සවය ආවරණය කළ ඡායාරූප ශිල්පියාට කෝල් එකක් දුන්නලු.මචං අපේ වෙඩිං ඇල්බම් එක ඉක්මණින් ඕනෙ. කවදද ගේන්නෙ?

මේ දවස්වල මට බුකිං ටිකක් වැඩියි. ලබන මාසෙ මැද හරියෙ විතර ෂුවර් එකටම ගේන්නම්. ජෝඩුව ලස්සනටම ඉන්නවා එළකිරි වගේ.ඡායාරූප ශිල්පියා කිව්වලු.

ඒ කිරිවලින් වැඩක් නැහැ හරිද? ඔයා හැකි ඉක්මණින් ඇල්බම් එක ගේන්න. දැන් එන්න එන්න අපි දෙන්න අතර පොඩි පොඩි අවුල් තියෙනවා. හදිසියේ අපි දරුණු තීරණයක් ගත්තොත් ඊට පස්සෙ උඹේ ඇල්බම් එකෙන් අපට පලක් නැතිවෙයි.

 

DESHAYA