ඒක මාර මතකයක්ලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-08-ent-60එක්තරා තරුණ කලා ශිල්පියෙක් එයාගේ දුවගේ ටෙස්ට් එකක් ගන්න සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගියාලු. පහුවදා රිපෝට් එක ගන්න තිබුණේ. කලා ශිල්පියා පහුවදා උදෙන්ම ඒක ගන්න ගියාට ලැහැස්තිවෙලා තිබිලා නැහැ. ඔහුට තිබුණ වැඩරාජකාරි නිසා හවස රිපෝට් එක ගන්න ඔහුගේ බිරිඳට යන්න කිව්වලු.

රෝහලට ගියාම තමයි බිරිඳට මතක් වෙලා තියෙන්නේ අදාළ රිසිට් එක ගෙනවිත් නැති බව. ඇය කවුන්ටරේ තරුණ නිලධාරිනියට ගිහින් කතා කළාලු.මගේ හස්බන්ඩ් අද උදේ රිපෝට් එක ගන්න ආවා.. ඇයට කියන්න හම්බුණේ ඒ ටික විතරලු.

අර සුදු සර් නේද? 3232 අගට එන ෆෝන් නම්බර් එකක් තියෙන්නේ.. අර කෙල්ල කියාගෙන කියාගෙන ගියාලු.  රිපෝට් එක අතට අරං ගෙදරට ආපු නෝනා මුලින්ම කළේ මහත්තයට කෝල් කරලා රෝහලේ කෙල්ලගෙ විස්තරේ කියපු එකලු.මේ කෙල්ලට කොහොමද ඔයාගේ ෆෝන් නම්බර් එකත් මතක තියෙන්නේ?

අයියෝ කලබල වෙන්න එපා. අද තාක්ෂණේ හරි දියුණුයිනෙ බබා. නෝනගේ මූණ දැක්කම මහත්තයගේ නොම්මරේ මතක් වෙන අලුත් තාක්ෂණයක් මේ අය හයි කරලද දන්නෙ නැහැ මහත්තයා කිව්වලු

 

DESHAYA