කනට ගහයි හලෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-14-ent-153එක්තරා ගායන ශිල්පියෙකුගේ සුවිශේෂී උත්සවයක්. ප්‍රධාන පෙළේ ශාලාවක පැවති ඒ උත්සවයට සමගාමීව ඔහුගේ සංගීත ප්‍රසංගයකුත් පැවැත්වුණාලු.මුල් පේළි හතරම වෙන්කරලා තිබුණෙ සුවිශේෂී ආරාධිතයන්ට. පුටුවල ආරාධිතයන්ගෙ නම් ගහලා සෙලෝටේප්වලින් අලවලා තිබුණෙ. 

ඔන්න දෙවැනි පේළියෙ ඉන්නවා ජනප්‍රිය කලා ශිල්පියෙක්. ඔහු ළඟම තියෙන පුටුව හිස්. ඒක වෙන්කරලා තිබුණෙ තවත් තරුණ ශිල්පියෙකුගෙ නමින්. ඔන්න ඔය හිස් පුටුවෙ වාඩිවෙන්න එනවා ජනප්‍රිය ගායිකාවක්. ඒත් අර කලා ශිල්පියා ඇයට කිව්වා මේක අහවලාට වෙන්කරලා තියෙන්නෙ කියලා.

අපෝ ඒ පොර එන්නෙ නෑ මේ උත්සවේට. එයාගෙ වැඩේ ඉතින් අපේ මේ ගායකයාට කපන එකනෙ. එයා ආවොත් අපේ ගායකයා ස්ටේජ් එකෙන් බැහැලා ඇවිත් එයාගෙ කනට ගහයි.මේ සිද්ධිය වුණේ ලංකාවෙ නෙවෙයි, අපේ අසල්වැසි ඉන්දියාවෙ. ඒත් මේක ලංකාවෙත් වෙන්න බැරි නැහැ.

 

DESHAYA