කවුද වැඩිපුර බීලා හිටියෙ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-02-ent-231ඔන්න දවසක් පාටියකට ගිහින් ටිකක් වැඩිවෙච්ච කෙනෙක් යාළුවෙක් එක්ක ගෙදර එන්න පිටත් වුණාලු. කෙලින් හිටගන්න බැරි සයිස් එකට ගෙදර ආවම බිරිය කොයි විදිහට ප්‍රතිචාර දක්වාවිද යන බය හා සැකය නිසා ඔහු ගේ ළඟින් බහින්නෙ නැතුව ළඟම ටවුන් එකෙන් බැහැගත්තලු.

වෙලාව පාන්දර දෙකටත් කිට්ටුයි. ත්‍රීවිලරයක් පේන තෙක් මානෙක නැහැ.ඔන්න ටික වෙලාවක් ගියාම ත්‍රීවිලරයක් ආවෙ වැනි වැනි වගේ.මහත්තයා කොහෙට යන්නද?

අහවල් පාරට යන්න පුළුවන්ද?අයියෝ සුළු දෙයක්නෙ සර්. අපි කන බොන මිනිස්සුනෙ. සර් පාටියකට ගිහින් එන ගමන් වගේ. මාත් යාළුවෙකුගෙ පාටියකට ගිහින් ගෙදර යන ගමන්... ත්‍රීවිල් රියදුරා කියවගෙන යනවා.

දැන් ගෙදරට ඇවිත් සේන්දු වුණා. දොර අඩවල් කරලා තිබුණු නිසා බිරියට නොදැනිම ත්‍රීවිල් රියදුරා එක්කම ගෙට ගිහින් ඔහු පුටුවක වාඩි වුණා. තත්ත්පරයක් ගියෙ නැහැ, අර ත්‍රීවිල් රියදුරා මෙයාගෙ ඇඟට වමනෙ දාලා.අන්තිමේදී දෙන්නම නාලා, ත්‍රීවිල් රියදුරාගෙ වෙරි හිඳෙනකම් ගෙදර නවත්තගෙන පහුවදා පාන්දරලු යවලා තියෙන්නෙ.

 

► Text - Mithra