කාවද සින්දුවට හරියන්නේ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-08-ent-61නවකයෝ හා ප්‍රවීණයෝ අතර තිබෙන පරතරය වගේම ඔවුන් තුළ තිබෙන්නා වූ ආකල්පමය වෙනස්කම් එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවෙන පාටක් නැහැ. ප්‍රවීණ ගේය පද රචකයෙක් පසුගිය දවසක අපූරු සටහනක් මූණු පොතේ පළකරලා තිබුණා.දැන් දැන් නවක ගීත රචකයෝ ප්‍රවීණ ගේය පද රචකයන්ට මූණු පොතේ inbox කරලා අහනවලු මම ලියපු මේ සින්දුව වැඩියෙන්ම ගැලපෙන්නේ මොන ගායකයටද? කියලා.

ඇතැමුන් ප්‍රවීණ ගායකයන්ගේ නම් කීපයක් ද යෝජනා කරලා අහනවලු ඒ අතරින් වැඩි‍යෙන්ම සුදුසු ගායකයා කවුද කියලා.

අපි ක්ෂේත්‍රයට ආපු කාලෙනම් අපි ප්‍රවීණයන්ගෙන් අහලා දැනගත්තේ අපේ නිර්මාණවල තියෙන අඩුපාඩු. දැන් වචනවල අඩුපාඩු නැති බව ඒ නවකයොම තීරණය කරලා. අපෙන් ඒ අය බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලො ලියලු ඒවාට ගායකයෝ තෝරලා දෙන එක විතරයි.  

 

DESHAYA