කෑල්ලක් ගන්න බැරිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-18-ent-63පසුගිය දවසක පැවැති උත්සවයකදී රඟපාන්න ආසාවෙන් පෙළෙන තරුණයෙකුට එක්තරා අධ්‍යක්ෂවරයෙක් මුණගැසුණලු.

“මම ඩිරෙක්ටර් කෙනෙක්...”

“ෂා මරුනෙ... මොකේද වැඩ කරන්නෙ?”

“නිල් දිය සෙවණෙ...”

“ආ... ඇත්තද... බැරිද අපටත් පොඩි කෑල්ලක් හොයලා දෙන්න...”

“ඇයි බැරි... කළුතර පැත්තෙ අවුලක් නැද්ද?”

“අවුලක් නැහැ මම නිවාඩු දාගන්න පුළුවන්.”

“පර්චස් කීයක විතර කෑල්ලක්ද බලන්නෙ...?”

“පර්චස් ද?”

“ඇයි ඔයා ඉඩම් කෑල්ලක් නෙවෙයිද බලන්නෙ...?”

“අයියො නැහැ... ඔයා නිල් දිය සෙවණ ටෙලි නාට්‍යයේ නෙවෙයිද වැඩ කරන්නෙ. මම රඟපාන්න තමයි කෑල්ලක් ඇහුවෙ...”

“ඇත්තද සොරි... මම ලෑන්ඩ් සේල් එකේ ඩිරෙක්ටර් කෙනෙක්.”

 

DESHAYA