කියපු බොරු කැමරාවෙන් මාට්ටු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-05-ent-59පහුගිය දවසක පැවැත්වුණු එක්තරා කලා ලොවේ උත්සවයකට ප්‍රවීණ ශිල්පියෙකුට ආරාධනා කරලා නැහැ. හරියටම පහුවදා පවත්වපු තවත් උත්සවයකදී අර කලින් දවසෙ පැවැත්වුණු උත්සවයෙ ප්‍රධාන සංවිධායක මුණගැසුණලු.

“අපට නොකියා ඊයෙ වැඩක් කළා නේද?”

“නෑ අයියෙ මම ගෙදරටම ආරාධනා පත්‍රයක් යැව්වනෙ ගෝලයෙක් අතේ.”

“අනේ බොරු කියන්න එපා මල්ලි”

“ඇත්තමයි අයියා”

“ඇත්ත ඒක නෙවෙයි. මම ඇත්තම කියන්නද? ඔයාගෙ උත්සවේ තිබුණෙ ඊයෙ හවස 4ට. කාඩ් එක අපේ ගෙදර ගේට්ටුවේ ලියුම් පෙට්ටියට දාලා තිබුණෙ රෑ 9ට. ඒත් ඔයාගෙ ගෝලයා නෙවෙයි, ඔයාමයි ඇවිත් දැම්මේ. අපේ ගෙදර හතර වටේටම CCTV කැමරා හයිකරලා තියෙනවා මල්ලි. වරදක් වුණානම් ඒක පිළිගන්න. නැත්තම් එක බොරැවක් වහන්න බොරැ සීයක් කියන්න වෙනවා.”

 

DESHAYA