කොහොමද මගෙ වැඩ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-25-ent-69කොළඹින් ඈත පුංචි ටවුමක චිත්‍රපටයක් රූපගත කරමින් තිබුණා. මැර කණ්ඩායමක් පසුබිම් කරගෙන ගෙතුණු මේ කතාවෙ දර්ශන විශාල ගණනාවක් තිබුණේ බීම හලක්, ඒ කියන්නෙ බාර් එකක් ඇතුළෙ.වෙනම බාර් එකක් ප්‍රතිනිර්මාණය කරනවාට වඩා ටවුමෙ තිබුණු බාර් එකක් මේ වැඩේට තෝරාගත්තා. ඒත් බාර්වලට එන එක එක අයියලගෙ සයිස් නිසා ෂූටිං වැඩේ බකල් නොවී තියන්න ඒ ගමේම හැඩිදැඩි මනුස්සයෙක් බාර් එකේ සිකුරිටි හැටියට යොදවාගත්තලු දවස් 5කට.

මේ මනුස්සයාගෙ වැඩ ගැන පැහැදීමක් නැති වුණත් සහාය අධ්‍යක්ෂකවරයා මෙයාට කිව්වලු පැය හතරක් පහක් බාර් එකේ ඉඳලා බලන්න කියලා.ඔන්න එකපාරටම මේ හැඩිදැඩි මනුස්සයා බාර් එකේ හිටිය මිනිහෙක්ව බෙල්ලෙන් ඇදලා එළියට දැම්මලු.සහාය අධ්‍යක්ෂකට හීන් දහඩිය දැම්මලු.

තමුසෙ මොනවද ඒ කළේ..?

නෑ සර් මේ මිනිහා වටපිට බල බල ඔත්තු බලාගෙන හිටියෙ, කොහොමද මගෙ වැඩ?වැඩ? වැඩ නෙවෙයි තමුසෙට තමයි වැඩ නැතිවෙන්නෙ. තමුසෙ එළියට ඇදලා දැම්මේ මේ චිත්‍රපටයෙ ඩිරෙක්ටර්...

 

  ► Text - Mithra

 

DESHAYA