ටොයිලට් තියෙනවද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-25-ent-67මේකත් අපේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් දර්ශන තලයක විවේකීව ඉන්න වෙලාවක කියපු කතාවක්. කිව්වෙනම් ඇහැටම දැක්ක දෙයක් කියලා තමයි, ඒත් ඒකෙ ඇත්ත නැත්ත අපි දන්නෙ නැහැ.

ඔන්න ගම් පළාතකින් කොළඹ රාජකාරියකට ආපු මනුස්සයෙක් එකපාරටම කොළඹ ජනාකීර්ණ වීදියක ඩී.වී.ඩී. කඩේකට හදිසියෙන් රිංගලා ඇහුවලු ටොයිලට් තියෙනවද? කියලා.අදම අවශ්‍යද? හෙට ලැබුණොත් මදිද? කියලා කඩේ අයිතිකාරයා අර මනුස්සයගෙන් ඇහුවලු.

අනේ බුදු මහත්තයෝ. උදේ කොළඹ කඩේකින් කාපු කෑම අප්සෙට් වෙලාද කොහෙද, මට දැන්ම ඕනෙ. විහිළුනම් කරන්න එපා, අර අහිංසක මනුස්සයා කිව්වලු.බැලින්නම් අර වී.වී.ඩී. කඩේ අයිති කෙනා හිතලා තියෙන්නෙ අර ටොයිලට් කියලා ආපු හින්දී ඩී.වී.ඩී. චිත්‍රපටය හොයාගෙන ඇවිත් කියලා.

 

DESHAYA