තරහකාරයා එහා පුටුවෙලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-11-ent-154අද චිත්‍රපට, ටෙලිනාට්‍ය ගොඩාක් හැදෙනවනෙ. ඒවායේ ආරම්භය සනිටහන් කරන්න මුහුරත් උත්සවත් පවත්වනවා.

හැබැයි ඉතින් මුහුරත් උත්සවවලදී බදාගෙන එකිනෙකාට සුභපතන අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු, නළු නිළියො නෙවෙයි ෂූටිං පටන්ගත්තට පස්සේ දකින්න ලැබෙන්නෙ. විවිධ ප්‍රශ්න නිසා නළු නිළියො, අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු විරසක වෙනවා විතරක් නොවෙයි කොටින්ම කියනවා නම් වෛරක්කාරයෝ ගාණට පත්වෙනවා.

එහෙම තදබල ලෙස විරසක වුණු නිෂ්පාදකවරයෙකුයි, නළුවෙකුයි අතර සිද්ධ වුණු ඇබැද්දියක් ගැන තමයි මේ කියන්න යන්නෙ.

එක්තරා චිත්‍රපටයක මංගල දර්ශනයක් තිබුණේ චිත්‍රපට සංස්ථා සිනමාශාලාවේ. ජනප්‍රිය නළුවෙක් ආවෙ ටිකක් පරක්කු වෙලා. ඒ වනවිටත් චිත්‍රපටය පටන් අරන් විනාඩි 10කුත් ගිහින්.

කළුවරේ ඇවිත් ළඟම තිබුණු ආසනේ ඔහු වාඩි වුණා. චිත්‍රපටය ඉවරවෙලා ලයිට් දැම්මට පස්සේ තමයි ඔහු දැක්කේ වාඩිවෙලා තියෙන්නෙ ඔහු ගොඩාක් විරසක වුණු නිෂ්පාදකවරයෙක් ළඟ වග.

 

DESHAYA