තුම්පනේ නෙවෙයි නම් මාරුවෙන්න සර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190301gossip-1අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් ළඟදී ගියාලු බොරැල්ල පැත්තෙ ප්‍රසිද්ධ සුවිසල් වෙළෙඳ සංකීර්ණෙකට.

ඔන්න ඒ වැඩේ ඉවර කරලා එළියට ඇවිත් කල්පනා කළාලු, ටවුන්හෝල් පැත්තෙ තියෙන ඒ වගේම වෙළෙඳ සංකීර්ණෙකට යන්න. කොළඹ එනකොට මේ ශිල්පියා තමන්ගෙ වාහනේ එන්නෙ නැහැ. දැන් බොරැල්ල සුවිසල් වෙළෙඳ සංකීර්ණයෙන් එළියට බැස්ස ගමන් ත්‍රීවිල් රියදුරෙක් සිනාමුසු මුහුණින් ඇහුවලු, කොහෙට යන්නද ඕනෙ කියලා.

මෙයා ටවුන්හෝල් අර ප්‍රසිද්ධ වෙළෙඳ සංකීර්ණයේ නම කිව්වලු. වැඩිම වුණොත් එතෙන්ට දුර කිලෝමීටර් 2 ½ක්ලු.
මෙන්න ත්‍රීවිල් පොර රුපියල් 400ක් ඉල්ලුවලු. මීටර් නැහැ.

කලා ශිල්පියා එකපාරටම ඇහුවලු අපි තුම්පනේ කියලා හිතුවද? කියලා.
තුම්පනේ නෙවෙයි නම් මෙතනින් මාරුවෙන්න සර් කියලා ත්‍රීවිල් රියදුරාත් පට්ගාලා කිව්වලු.
කේන්තියට වඩා ලජ්ජාවට පත්වෙච්ච කලා ශිල්පියා එතනින් මාරු වුණාලු.

DESHAYA